පුරවැසි කොලම

කොරෝනා වසංගතයෙන් වැඩිම හානියට පත් රට වන ඇමරිකා එක්සත් ජනපදයේ මේ වන විට යළිත් කොරෝනා ව්‍යාප්තිය ශීග‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ වන විට දිනකට නව රෝගීන් හැත්තෑ දෙදහසක් පමණ ඇමරිකාවෙන් වාර්තා වෙද්දී දිනපතා සිදුවන මරණ සංඛ්‍යාවද නැවත වරක් දහසේ සීමාව පසුකරමින් ඉහළ යනු පෙනේ.

මේ වන විට ඇමරිකානුවන් ලක්ෂ එකහමාරකට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා වසංගතයෙන් මරණයට පත්ව ඇති අතර එරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ හතළිස් තුන පසු කර තිබේ. මේ අතර ජනාධිපති ට‍්‍රම්ප් හා රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් එරට ජනතාව හා සමාගම් සඳහා මීළඟ කොරෝනා සහන පැකේජය ඉදිරි දින වලදී ලබාදීමට සූදානමින් සිටිති.

ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප‍්‍රාන්ත කොරෝනා වසංගතය පාලනය කරගන්නට සමත්වී ඇතත් මේ වන විට ෆ්ලොරිඩා, ටෙක්සාස් හා කැලිෆෝර්නියා ආදී ප‍්‍රාන්ත

ගණනාවක කොරෝනා රෝගය වේගයෙන් පැතිර යමින් පවතී. මීට අමතරව ඇලබාමා, ලූසියානා හා මිසිසිපි ප‍්‍රාන්තවලද කොරෝනා ව්‍යාප්තිය දරුණු වෙමින් පවතී. වොෂින්ටන් ප‍්‍රාන්තය නැවත වරක් දැඩි නීති රීති හා සීමාවන් පනවා තිබේ.

එය කොතරම් වේගයෙන් පැතිර යනවාද කිවහොත් ආසාදිතයන් ලක්ෂ තිහේ සිට හතළිහ දක්වා වැඩිවන්නට ගත වූයේ දින දහසයක් පමණි. 2020 ජනවාරි 21 වැනිදා ඇමරිකාවේ ප‍්‍රථම කොරෝනා රෝගියා වාර්තා වූ අතර එය මිලියනය දක්වා පැතිර යන්නට දින අනූ අටක් ගත වුවද එය ඊළඟ මිලියනයට වැළඳෙන්නට ගත වූයේ දින 43 ක් පමණි. ඊළඟ මිලියනය පසු කරන්නට ඊට අවශ්‍ය වූයේ දින විසි හතකි.

විශේෂයෙන්ම ඩිමොක‍්‍රටික් ආණ්ඩුකාරවරුන් සිටින ප‍්‍රාන්තවල කොරෝනා පාලනය කරගන්නට මේ වන විට සමත්වෙද්දී තවත් ඇතැම් ප‍්‍රාන්තවල තත්ත්වය අතිශය බැ?රුම් වී තිබේ. සැබවින්ම ජනාධිපති ට‍්‍රම්ප්ගේ ඉල්ලීම පිට රිපබ්ලිකන් ආණ්ඩුකාරවරුන් ඒ ඒ ප‍්‍රාන්ත ඉක්මනින්ම විවෘත කිරීම කොරෝනා වසංගතයේ ශීග‍්‍ර ව්‍යාප්තියට බලපෑවේය. මධ්‍යම රජය හා ආණ්ඩුකාරවරුන් අතර මත ගැටුම් නිසා අවසානයේ වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ සාමාන්‍ය මහජනතාවටය. කෙසේ වෙතත් මුලසිටම දැඩි ලෙස හිතුවක්කාරීව කොරෝනා රැුල්ලට මුහුණදුන් ජනාධිපති ට‍්‍රම්ප් මේවන විට මුඛ ආවරණ පළඳින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන්ද මුඛ ආවරණ පලඳමිනි.

මුල් කාලයේදී ඇමරිකාවේ කොරෝනා වැඩිම ව්‍යාප්තියක් පැවතියේ නිව්යෝර්ක් ප‍්‍රාන්තයේය. එහෙත් නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෲ කුමෝ දැඩි ලෙස කැපවීම නිසා නිව්යෝර්ක් ප‍්‍රාන්තයේ කොරෝනා පැතිරයෑම පාලනය කරගන්නට හැකිවූ අතර එසේ නොවන්නට එය එරට ආර්ථිකයට මීටත් වඩා බලපෑම් එල්ල කරන්නට ඉඩ තිබිණි.

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක වැඩපිළිවෙළ කොරෝනා වසංගතය නිසා අත්හැර දමන්නට ප‍්‍රධාන පක්ෂ දෙකටම සිදුවී තිබේ.

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ නොවැම්බර් තුන් වැනිදාය. මෙවර ඒ සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් වර්තමාන ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉදිරිපත්ව සිටින අතර ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් ඒ සඳහා ඉදිරිපත්ව සිටින්නේ ජෝ බයිඩන්ය. කොරෝනා ව්‍යාප්තිය නිසා ඇතිවූ තත්ත්වයන් හා ඒ සම්බන්ධයෙන් ගත් ක‍්‍රියාමාර්ග හමුවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ජනප‍්‍රියතාව අඩුවී ඇති අතර මේ වන විට ඔහුට වඩා බොහෝ ඉදිරියෙන් ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් පසුවෙයි.

මේ අතර ඇමරිකානු විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරමින් සිටින විදේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ගේ රටවලට යවා එම රටවල සිට ඔන්ලයින් ක‍්‍රමයට අධ්‍යාපන කටයුතු වල නියැළෙන්නට හැකි ක‍්‍රමවේදයක් සකස් කරන්නට ජනාධිපති ට‍්‍රම්ප් ගත් තීරණය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වූ අතර පසුව අධිකරණ ක‍්‍රියාමාර්ග හේතුවෙන් අත්හිටුවන්නට සිදුව තිබේ. දසලක්ෂයකට අධික විදෙස් සිසුන් මෙම තීරණයත් සමග දැඩි අසීරුවට පත්වූ අතර කෙසේ වෙතත් මේ හරහා ට‍්‍රම්ප් බලාපොරොත්තු වූයේ රැුකියා වෙළෙඳ පොළ තවදුරටත් ඇමරිකානුවන් වෙත විවෘත කර ගැනීමය. ඊට හේතුව මේ විදෙස් සිසුන් බොහෝ දෙනකු විවිධ රැුකියාවල නිරත වීමය.

කෙසේ වෙතත් ජනාධිපති ට‍්‍රම්ප් විසින් ඇතැම් ග‍්‍රීන් කාඞ්පත් සහ 2020 වසර අවසන් වන තෙක් අනෙකුත් විදේශීය ශ‍්‍රමිකයන් සඳහා වීසා බලපත‍්‍ර ලබාදීම අත්හිටුවීමට මීට පෙර කටයුතු කරන ලදී.

ඒ අනුව, ඉහළ නිපුණතා ඇති තාක්ෂණ සේවකයන්, වගා සහායකයන්, ගෘහ සේවකයන් සහ ඉහළ විධායක නිලධාරීන්ගේ වීසා බලපත් අත්හිටුවුණු අතර කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් ආර්ථික වශයෙන් පීඩාවට පත් වී සිටින ඇමරිකානුවන්ට මෙම පියවර මගින් රැුකියා උත්පාදනය වී තිබේ.

කෙසේ වෙතත් බොහෝ දෙනා චෝදනා කරන්නේ ට‍්‍රම්ප් සංක‍්‍රමණ නීති දැඩි කිරීම සඳහා කොරෝනා වෛරසය වසංගතය යොදාගෙන ඇති බවටය.

තාක්ෂණ ක්ෂේත‍්‍රයේ සේවයේ නිරත ඉන්දියානුවන් දහස් ගණනකට ලබා දී ඇති වීසා බලපත‍්‍ර සඳහා ද මෙම නියෝගය අදාළ වන අතර මෙම වීසා බලපත‍්‍ර මඟින් විශාල තාක්ෂණික සමාගම්වලට අඩු වැටුපකට විදේශීය සේවකයන් සඳහා ඇමරිකානු රැුකියා ලබා දී තිබිණි.

කෘෂිකර්මාන්තය, ආහාර සැකසුම් කර්මාන්තය සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් හැර, හෝටල් කර්මාන්තය ඇතුළු අනෙකුත් විවිධ ක්ෂේත‍්‍රවල සේවකයන් සඳහා වීසා බලපත් ලබාදීම මෙම නියෝගයෙන් අත්හිටුවූ අතර එම

රැුකියා ඇමරිකානුවන් වෙත ලබා දීමට අපේක්ෂිතය.

හුවමාරු ක‍්‍රමයට පැමිණෙන විශ්වවිද්‍යාල සිසුන් සහ ගෘහ සේවා සපයන විදේශීය පුද්ගලයන්ට ලබා දෙන කෙටිකාලීන වීසා බලපත‍්‍රද මෙසේ සීමා කරන ලද අතර එය බල නොපාන්නේ මහාචාර්යවරුන් සහ විද්වතුන් සඳහා පමණි.

එසේම බහුජාතික සමාගම්වල කළමනාකරුවන් සහ අනෙකුත් ප‍්‍රධාන සේවකයන් සඳහා ලබා දෙන වීසා බලපත‍්‍ර ද අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම තීරණයට ප‍්‍රධාන පෙළේ තාක්ෂණ ක්ෂේත‍්‍රයේ සමාගම් විරෝධය පා ඇත්තේ මේ තීරණය නිසා ඇමරිකානු ආර්ථිකය යළි ගොඩගැනීම තවදුරටත් දුෂ්කර වන බව පවසමිනි.

කෙසේ වෙතත් ඇමරිකානු වාණිජ මණ්ඩලය ජනාධිපතිවරයාගේ නියෝගය අනුමත කරන ලදී.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ පැතිරයෑමේ වේගය පාලනය කරගන්නට තවමත් නොහැකිවී තිබෙන අවස්ථාවක දැනට ඇති එකම බලාපොරොත්තුව එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් සරසවිය අත්හදා බලමින් සිටින කොරෝනා එන්නත සාර්ථක වීම පමණි.

ජනිත සෙනෙවිරත්න  –

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ සිට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More