දේශීය පුවත්

දෙමළ ජනතාව සඳහා ස්වයං පාලන අයිතිය සහිත ෆෙඩරල් පාලන ක‍්‍රමයක් සහ උතුරු සහ නැගෙනහිර දෙපළාත යළි ඒකාබද්ධ කිරීම සඳහා එම පළාත් දෙකේ ජනතාවට පමණක් ඡන්දය දිය හැකි ජනමත විචාරණයක් පවත්වන්නට එකඟ වන පක්‍ෂයකට ආණ්ඩු බලය පිහිටුවීම සඳහා සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය සහ තමිල් මක්කල් කච්චි තීරණය කර තිබේ.

මෙම ජනමත විචාරණය එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විය යුතු බව තමිල් මක්කල් කච්චි නායක සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

මීට අමතරව උතුරු සහ නැගෙනහිර දෙපළාතේ පිහිටි හමුදා කඳවුරු ඉවත් කිරීම, යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳ වගවීම, එසේ අතුරුදන් වූවන් පිළිබඳ වගකීම සතු අයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර සියලූ සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට පියවර ගත යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එම ඉල්ලීමට එකඟවන ඕනෑම පක්‍ෂයකට සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානයේ මහ ලේකම් මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More