දේශීය පුවත්

පක්ෂයෙන් නෙරපා හැරීම ප්‍රමාද කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තුන්වැනි පාර්ශ්වයක් මගින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට එක්සත් ජාතික පක්ෂ නායකයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබේ. පක්ෂයේ හිටපු නායකයකු මෙන්ම ජනාධිපතිවරයකුද වන රණසිංහ ප්‍රේමදාස මහතාට දක්වන ගෞරවයක් ලෙස සලකා පක්ෂයෙන් නෙරපීම ප්‍රමාද කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

කෙසේ වෙතත් ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම් සම්බන්ධයෙන් හෙට (03දා) පැවැත්වීමට නියමිත පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගැනීමට නියමිතව ඇත. සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන්ද හෙට (03දා) තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණත් මෙම ඉල්ලීම මත එය ප්‍රමාද කිරීමටද එජාප නායකත්වය තීරණය කර ඇත.

පසුගිය සතියේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සමගි බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 51 දෙනකු සහ පළාත් පාලන නියෝජිතයන් 64 දෙනකු පක්ෂයෙන් නෙරපා හැරියේය. මහ මැතිවරණයට සමගි බලවේගයෙන් දිස්ත්‍රික්ක දහයකට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් වේදිකාවලදී විවේචන ඉදිරිපත් නොකරන ලෙසද එක්සත් ජාතික පක්ෂ නායකත්වය කෑගල්ල, මහනුවර, ගාල්ල, අනුරාධපුරය, බදුල්ල වැනි දිස්ත්‍රික්කවලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට කලින්ම දන්වා තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More