දේශීය පුවත්

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද තහවුරු කර ඇති බැවින් කිසිදු බියකින් හෝ සැකයකින් තොරව මහ මැතිවරණ ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී.

සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්ද විමසීම සිදු කිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. ඒ සඳහා දහ දෙනකුට අධික සෞඛ්‍ය සේවකයන් පිරිසක් රාජකාරියේ යොදවා ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2800ක් සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි යොදවා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම අවස්ථා තුනකදී විෂබීජහරණය කිරීමට කටයුතු යොදා ඇති අතර අත් සේදීම සඳහා පහසුකම්ද සපයා ඇත.

නිවසට වඩා ඡන්ද මධ්‍යස්ථානය සියයට දෙසීයක් (200%) සුරක්ෂිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය. ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා යොදවන්නේ අදාළ දිස්ත්‍රික්කයේම නිලධාරීන් බවද ඔහු කීවේය. ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙන්නේ ගමේ පදිංචිකරුවන් බවත්, ඔවුන් පිළිබඳව එකිනෙකා දන්නා බැවින් සැකයක් ඇතිකර ගත නොගත යුතු බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඡන්ද මධ්‍යස්ථානය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා භාරගත් පසු ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය හරහා විෂබීජහරණයට ලක් කෙරෙන බවත්, ඡන්ද මධ්‍යස්ථාන තුළදී ඡන්දදායකයාට අවස්ථා තුනකදී අත් සේදීම්කාරක ලබාදෙන බවද ඔහු කීවේය. මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර ඇති අතර මුඛ ආවරණ නොපැලඳ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණෙන ඡන්දදායකයන්ට එහිදී මුඛ ආවරණයක් ලබාදීමටද කටයුතු කරයි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණීමේදී කළු හෝ නිල් පෑනක් රැගෙන එන ලෙසත්, ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More