දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලබාගත යුතු නමුත් ශ්‍රීලනිප අපේක්ෂකයින්ට මනාප ලබානොදී ඔවුන්ව මැතිවරණයෙන් පරාජය කිරීමට ද ක්‍රියා කළයුතු බව ශ්‍රීලපොපෙ අපේක්ෂක, මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතා තරයේ අවධාරණය කරයි.

“අපට මුංගෙ ඡන්ද ඕනා … ඔක්කොමලගෙ ඡන්ද ඕනා, හැබැයි පුතෝ මනාප වානා … හරිද ? මේ අපට ඕනෙ පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙ ආණ්ඩුවක්. හරි ?

තුනෙන් දෙක ගන්න ඡන්ද ඕනා, උන්දැලාව පාර්ලිමේන්තු එවන්න මනාප වානා … හරි ? අපි දෙනවද මුංට ? මේ මහින්ද මහත්තයාගෙ දරුවො හිරේ දානකොට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපට ගහනකොට, අපේ මිනිස්සුන්ව හිරේ දානකොට, අපෙන් පලිගන්නකොට ආණ්ඩුවෙ බංගලාවල්වලට වෙලා විස්කි බිබී හිටපු එවුන්ට මනාප දෙන්න අපට පයිත්තියංද ? නෑ !

අපි නිර්මාණය කරන්නෙ නිර්මල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් පොහොට්ටුවෙ අපේ ආණ්ඩුවක්. එය තුනෙන් දෙකේ බලයක් ඇති ආණ්ඩුවක්. මෙන්න මේකයි පණිවිඩය. දාලා ගිය නැති මිනිස්සු අපට ඉන්නවා. මොකද මුං එකා ගාණෙ රිංගාගත්තා කියමු, 25ක් පාර්ලිමේන්තු එයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

උදිත් ලොකුබණ්ඩාර මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More