දේශීය පුවත්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා, අවශ්‍යනම් තමන්ගේම පෑනක් භාවිත කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

එම කොමිසම සඳහන් කළේ, එම පෑන නිල් හෝ කළු පැහැති බෝල තුඩු පෑනක් විය යුතු බවයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් වන රියැදුරු බලපත්‍රයේ වලංගු කාලය ඉකුත්වී තිබුණ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් එවැනි බලපත්‍ර වලංගු කර ගැනීමට දී ඇති සහන කාලය ඉකුත්වී නැති රියැදුරු බලපත්‍ර, ඡන්දය භාවිත කිරීමට සුදුසු බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

මෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනු ඇත.

ඒ අනුව, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වනු ඇති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More