පුරවැසි කොලම

ඉන්දීය පර්යේෂණ හෙවත් විශ්ලේෂණ ඒජන්සිය නමින් හදුන්වන රෝ ඔත්තු සේවාව මෙරට ජාතික ආරක්‍ෂාව සහ දේශපාලනයට මැදිහත් වූයේ වසර ගණනකට පෙරය. හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඇමරිකාවට බදු දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වූ විගස රෝ සංවිධානය ඒ බව අගමැතිනි ඉන්දිරා ගාන්ධිට දැනුම් දුන්නේය. ජේ. ආර්. ට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස ගාන්ධි රෝ සංවිධානය ලවා තමිල්නාඩුවේ සහ අවට ස්ථානවලදී කොටින්ට යුද පුහුණුව දීමේ කඳවුරු ස්ථාපිත කළාය.

ශී‍්‍ර ලංකා හමුදාව කොටි පරාජය කිරීම සඳහා වඩමාරච්චි මෙහෙයුම දියත් කළ අවස්ථාවේ රෝ සංවිධානය ඉන්දීය රජය ලවා එය නතර කිරීමට කි‍්‍රයා කළේය.

එසේම ඉන්දු ලංකා සාම ගිවිසුමට අත්සන් කෙරුණේ රෝ සංවිධානයේ දැඩි බලපෑම් මතය.

එසේම වන්නි මෙහෙයුම සමයේ කොටි ගුවන් යානා නිරීක්‍ෂණය කිරීම සඳහා චීන රේඩාර් පද්ධතියක් ලබාගැනීමට සැලසුම් කරන බව ද්‍රෝහීන් රෝ සංවිධානයට දැනුම්දීම නිසා ඉන්දීය රජය ඊට එරෙහිවී එරට භාරත් ඉලෙක්ට්‍රොනික්ස්

සමාගමෙන් ඉන්ද්‍රා රේඩාර් පද්ධතියක් සපයනු ලැබීය. එහෙත් කොටි ගුවන් යානාවක් වව්නියාවට එන අවස්ථාවේ ඉන්ද්‍රා රේඩාර් පද්ධතිය අකී‍්‍රය වී තිබිණි.

මේ හැර වන්නි මෙහෙයුමින් කොටි පරාජය වන බව දැනගත් රෝ සංවිධානය එම මෙහෙයුම නතර කිරීම සඳහා ඉන්දීය රජයට උපදෙස් දුන් අතර ඉන්දියානු ඉල්ලීමට ශී‍්‍ර ලංකාව ඊට එකඟ වූයේ නැත.

මෙයට අමතරව ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් විසින් ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි හමුදා නායකයන් 260 ක් ගලවා ගැනීමට සැලසුම් කර ඇති බව රෝ සංවිධානයට වාර්තා විය.

එම සමයේ ඉන්දියාවට පැමිණි හිටපු නෝර්වේ අමාත්‍ය එරික් සෝල්හයිම් පැවසුවේ වන්නි මෙහෙයුම ගැන තමා ප‍්‍රධානතම රෝ නියෝජිතයන් සමග සාකච්ඡුා කළ බවයි.

මේ පසුබිම මැද ශී‍්‍ර ලංකා හමුදාව කිලිනොච්චිය වෙත ආගමනයේ යෙදෙන අවස්ථාවේ රෝ සංවිධානයේ හිටපු ප‍්‍රධානී බී. රාමන් ඉන්දීය මාධ්‍ය අමතමින් ශී‍්‍ර ලංකා හමුදාව වැනසෙන බව කියා සිටියේය.

ඒ බව ඉන්දීය සාම හමුදාවේ බුද්ධි ප‍්‍රධානි කර්නල් හරිහරන් තහවුරු කළේය. එහෙත් යහපාලන රජයෙන් තනතුරු ලබාගත් නරුම පාර්ශ්ව රෝ සංවිධානය ගැන අබමල් රේණුවක්වත් නොදැන රෝ කි‍්‍රයාකාරිත්වය විහිළුවකට ලක් කිරීමට ප‍්‍රයත්න දරා ඇත.

පසුගිය දිනෙක ඉරිදා දිවයින ප‍්‍රධාන පුවතකින් රෝ සංවිධානය මෙරට මැතිවරණ ප‍්‍රතිඵල වෙනස් කිරීමට රෝ කණ්ඩායමක් එවා ඇති බව අපි හෙළි කළෙමු.

එහෙත් රාජ්‍ය නොවන සංවිධාන ජාලය වෙනුවෙන් හඬනඟන පාර්ශ්ව රෝ මෙහෙයුම් ගැන නොදනී.

අප රෝ කණ්ඩායමක් මෙරටට පැමිණි බව හෙළි කිරීමෙන් පසු පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවකුගේ බිරිය වූ සාරා ජෙස්මින් රෝ ඔත්තුකාරියක බවට අනාවරණය කරනු ලැබුවේ බුද්ධි අංශ නිලධාරියකු විසිනි.

සායින්දමරුදු පිපිරීමෙන් පසු සිදු කළ ඞී.එන්.ඒ. පරීක්‍ෂණවලදී සාරා ජෙස්මින් මියගොස් නැති බව තහවුරු විය. පිපිරීම සිදුකරගත් ස්ථානයේදී හමුවූ සිරුරු කොටස් නිසා සාරා මියගොස් ඇති බව සිතුවත් 2019 සැප්තැම්බර් මස දිනෙක කලවංචිකුඩි මාර්ගයේ නතර කර තිබූ කැබ් රියක සාරා සිටින බව බුද්ධි නිලධාරියකු දැක ඇත.

ඇය මන්නාරමේ සිට ඉන්දියාවට පැන ගිය බවට තොරතුරු බුද්ධි අංශවලට වාර්තා විය.

සාරා ජෙස්මින් වැනි කාන්තාවකට පිටස්තර සහයක් නැතිව ඉන්දියාවට පැනයා නොහැක. එසේ නම් සනාථ වන්නේ රෝ ඔත්තුකාරියක් ලෙස කි‍්‍රයා කළ සාරාව රෝ බුද්ධි සේවය විසින් මෙරටින් ඉවත් කර ගැනීමයි.

සාරා රෝ බුද්ධි කි‍්‍රයාකාරිනියක් බව සනාථ වන්නේ ඉන්දීය බුද්ධි සේවාව ප‍්‍රහාරකයන් කවුද? ප‍්‍රහාර එල්ල කරන අයගේ නම් වේලාව සහ කතෝලික පල්ලිවලට ප‍්‍රහාර එල්ල කරන බව නිශ්චිතවම මේ රටට දැනුම් දීමෙනි.

අත්අඩංගුවේ සිටින අන්තවාදීන්ගෙන් කිසිවකු ප‍්‍රහාර එල්ලවන්නේ කිනම් වෙලාවකද හා බෝම්බකරුවන් කවුදැයි දැන සිටියේ නැත. එම රහස් තොරතුරු දැනසිටි බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයකුගේ බිරිය සාරා ජැස්මින් ය .

2007 වසරේදී ඇමැතිවරයකු සහ කොළඹ රෝ ඒජන්ත රවි නයිර් අතර ඇතිවූ අර්බුදයක් නිසා ඔහු ආපසු කැඳවූ බව ඉන්දීය සීඑන්ඒ පුවත් සේවය හෙළි කළේය.

මේ අතර කොළඹ පැවැති ආරක්‍ෂක සමුළුවකට පැමිණි ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් වෙත පැමිණිල්ලක් කළ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ රෝ නියෝජිතයකු ගැන හෙළි කර තිබිණි.

හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන ද වරක් පැවසුවේ තම කැබිනට්ටුවේ රෝ ඒජන්තවරුන් සිව්දෙනකු සිටින බවයි. එහෙත් ඔවුන් කවුරුන්දැයි හෙළි කළේ නැත.

ඉන්දීය රෝ බුද්ධි සේවයේ අබිරහස් කි‍්‍රයාදාමයන් පිළිබඳව නිරීක්‍ෂණය කරන විට හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය හොඳම නිදසුනකි.

ඉන්දීය රජය හම්බන්තොට කොන්සල් කාර්යාලයක් ස්ථාපිත කළේ දකුණේ ජනතාව සමග සුහදතායන් ඇති කර ගැනීමටද?

හම්බන්තොට වරාය චීනය විසින් බදු ගැනීම නිසා ඉන්දියාව චීන කි‍්‍රයාදාමයන් නිරීක්‍ෂණය කිරීම සඳහා මේ කොන්සල් කාර්යාලය ස්ථාපිත කර ඇත. ඊට සමගාමීව ඇමරිකන් කෝනර් නමින් ඇමරිකානු කාර්යාලයක් ද හම්බන්තොට ස්ථාපිත කර ඇත. මෙවන් පසුබිමක් මැද 2015 මැතිවරණයේදී තමන් පරාජය වූයේ රෝ කි‍්‍රයාකාරීත්වය නිසා බව හිටපු ජනපති හා වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ පවසා තිබිණි.

එසේම ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවීමෙන් පසු දැනුම්දීමකින් තොරව ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් මෙරටට දිව අවුත් සාකච්ඡුා පවත්වනු ලැබීය. මේ හැර හිටපු ඉන්දීය හමුදාපතිවරයා ඉන්දීය මාධ්‍ය අමතා පැවසුවේ අසල්වැසි රටවල්වලට චීනය දෙසට යොමුවීමට ඉඩ නොදෙන බවයි.

එහෙත් යහපාලන රජය යටතේ සංහිඳියා බළකායට පත්වූවෙක් බලයෙන් ඇදවැටීම නිසා අසරණ තත්ත්වයට පත්වී ඇත. මේ සංහිඳියා බළකාය පසුගිය යහපාලන රජය සමයේ වැජඹුණේ රටේ අයිතිකරුවන් තමන් යැයි සිතමිනි.

ඔවුහු ගෝඨාභය රාජපක්‍ෂ ජනපති වීම වැළැක්වීම සඳහා දියත් කළ සැලසුම් හිස මත කඩාවැටුණි. ජනපතිවරයාට ලක්‍ෂ 69 ක අති විහාල ඡුන්ද සංඛ්‍යාවක් හිමිවීම නිසා ජනතාවගේ මතය වෙනස් කිරීමට තමන්ට නොහැකි බව ඔවුන්ට අවබෝධ විය.

එසේම මොවුන්ගේ සංහිඳියා බළකා මෙහෙයුම්වලට එල්ල වූ මාරාන්තික ප‍්‍රහාරය පාස්කු ප‍්‍රහාරයයි.

අද එම සංහිිිඳියා බළකාය යන එන මං නැතිව අතරමං වී සිටිති. මෙවන් පසුබිමක් මැද සාරා ජෙස්මින් විදේශ බුද්ධි සේවාවක නියෝජිතවරියක් ලෙස කි‍්‍රයාකර ඇතැයි බුද්ධි නිලධාරීන් කළ හෙළිදරව්ව බොරුවක් විය හැකිද?

ගෝඨාභය රාජපක්‍ෂ ජනපති වීමෙන් පසු ස්විස් තානාපති කාර්යාලය රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ඉවත් කරගනු ලැබීය.

මේ අතර ඉන්දීය රජය ශී‍්‍ර ලංකාව චීනය වෙත නැඹුරුවීම කෙරේ කැමැත්තක් නැත. කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය නතර කරන ලෙස ආරක්‍ෂක උපදේශක අජිත් ඩොවාල් හිටපු ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටීමෙන් සනාථ වූයේ ඉන්දීය රෝ සංවිධානය මෙරට චීන ව්‍යාපෘති ගැන දැඩි අවධානයෙන් සිටින බවයි. පසුගිය යහපාලන රජය ඩොලර් බිලියන 3.85 ක් හෙවත් රුපියල් බිලියන 700 ක් වූ තෙල් පිරිපහදු ව්‍යාපෘතියකට යොමු වූයේ ඕමාන රජය සමග බවට වාර්තා වුවත් එහි ඇත්ත තත්ත්වය දැන් හෙළි වී ඇත. ඒ සිංගප්පූර් සමාගමක් සමග ගිවිසුම් අත්සන් කර ඇති අතර එම සමාගමේ ප‍්‍රධානීන් ඉන්දියානුවන් වීමයි.

මෙම සමාගමේ අධ්‍යක්‍ෂ එස්. ජනකර්තසන් යනු තමිල්නාඩු ඞී. එම්. කේ. පක්‍ෂයේ දේශපාලකයෙකි.

එසේ නම් රෝ මැදිහත්වීමක් මෙම ගිවිසුමට නැතැයි කිව හැකිද?

රුසියානු ජනපති ව්ලැඞ්මීර් පුටින් වරක් පැවසුවේ විදේශ අරමුදල් මත යැපෙන එන්.ජී. ඕ. කි‍්‍රයාකාරීන්ට රටේ ආරක්‍ෂාව වැදගත් නොවන බව ය. ඔවුන්ට අවශ්‍ය මුදල් පමණයි. මේ නිසා රට විකුණන ද්‍රෝහීන් ජනතාවට හෙළි කළ යුතුය යන්නයි.

මෙවන් පසුබිමක් මැද ඉන්දියාවට අවශ්‍ය වී ඇත්තේ තමන්ට හිස නමන නායකත්වයක් සහ කොන්දක් නැති පාලනයක් මෙරට බිහි කිරීමයි. මෙයට වසර ගණනකට පෙර කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ඩික්සිත් ටාජ් හෝටලයේ පැවැති පුවත්පත් සාකච්ඡුාවකදී හැසිරුණේ ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුකාරයා මෙනි.

එසේම කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ රෝ ඒජන්තවරයකු නැතැයි කිව හැකිද? ඉහළ පෙළේ ආරංචි මාර්ගවලට අනුව හිටපු තානාපති නිලධාරියෙක් සහ හිටපු ආණ්ඩුකාරයෙක් රෝ ඒජන්තවරුන් වේ. මේ හැර සෑම ක්‍ෂේත‍්‍රයකම රෝ සංවිධානයට තොරතුරු සපයන්නන් ඇතුළත් වේ.

ඉන්දියාවේ රෝ සංවිධානය කිසිසේත් අවතක්සේරුවකට ලක් නොකළ යුතු අතර රෝ ඒජන්තවරුන් මෙරට නැතැයි පවසන්නේ අඥානයන් මෙන්ම බුද්ධි සේවා ගැන නිසි අධ්‍යයනයක් නොකරන මුග්ධයන් පමණකි. හිටපු හමුදා නිලධාරීන් දේශපාලකයන් මාධ්‍ය පාර්ශ්ව සහ ව්‍යාපාරික කොටස් ද රෝ ජාලයේ ආධාරකරුවන් වේ.

ප්ලොට් සංවිධානය මාලදිවයින රජය පෙරළා දමා බලය අල්ලා ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කරන ලද්දේ ද රෝ සංවිධානය බව සිහිපත් කළ යුතු වේ. මෙවන් පසුබිමක් මැද රෝ සංවිධානය අගෝස්තු 5 දා පැවැත්වෙන මෙරට මැතිවරණයට අනියම් ලෙස මැදිහත් නොවනු ඇතැයි කිව හැකිද?

යාපනයේ පැවැති මැතිවරණ රැුස්වීමකදී හිටපු ද්‍රවිඩ සංධාන මන්ති‍්‍ර එස්. ශී‍්‍රධරන් පැවසුවේ මෙවර මැතිවරණයේදී ආසන සංඛ්‍යාව 16 සිට 20 දක්වා වැඩි කර ගැනීමට කි‍්‍රයා කරන ලෙස ඉන්දියාව උපදෙස් දුන් බවයි. ඒ සඳහා කඳුකරයේ ද්‍රවිඩ පක්‍ෂ සමග එකතු වන ලෙසද පැවසූ බව ශී‍්‍ර ධරන් තවදුරටත් දන්වා තිබේ.

එසේ නම් මේ උපදෙස් රෝ සංවිධානයේ උපදෙස් බව තහවුරු වේ. ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන අන්දමට ඉන්දියානුවන් හා චීනුන් විසි දහසක් පමණ මෙරට විවිධ ව්‍යාපෘතිවලට සම්බන්ධ වී සිටිති. මේ ඉන්දියානුවන් අතර රෝ ඔත්තුකරුවන් නොසිටින බව කිව හැකිද? එහෙත් කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ජාලයට සම්බන්ධ වූවන් සහ පසුගිය යහපාලන රජයෙන් සංහිඳියා තනතුරු ලබාගත් අඥානයන් රෝ බුද්ධි සේවය විහිළුවක් සේ සලකති.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More