දේශීය පුවත්

කුඩු හා පාතාල මර්දන වැඩසටහන යටතේ අපරාධවලට සම්බන්ධ වී විදේශවලට පැනගොස් සැඟව සිටින අපරාධකරුවන් 111 දෙනෙක් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනඒම සඳහා පසුගිය සති කිහිපය තුළ ජාත්‍යන්තර රතු වරෙන්තු ලබාගෙන තිබේ.

තවත් රතු වරෙන්තු 20ක් ලබාගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යමින් සිටී. ඉදිරි මාස කිහිපය තුළ ලොව පුරා විවිධ රටවල සැඟව සිටින තවත් අපරාධකරුවන් 100කට පමණ රතු වරෙන්තු ලබා ගැනීමට නියමිත බව සීඅයිඩීය ප්‍රකාශ කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්ෂණයෙන් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සීඅයිඩීය භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා විසින් මෙම රතු වරෙන්තු ලබාගැනීමේ කටයුතු මෙහෙයවනු ලැබේ.

රතු වරෙන්තුවලට අමතරව ලොව පුරා සැඟව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන්ගේ තොරතුරු සපයා ගැනීම සඳහා නිල් වරෙන්තු (බ්ලූ නෝටිස්) ලබාගැනීමට ද පොලීසිය කටයුතු කරන අතර මේ වනවිට එබඳු නිල් වරෙන්තු 84ක් නිකුත් කර ඇතැයි සීඅයිඩීය භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා දේශයට කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More