දේශීය පුවත්

පුටු 225ට 7452ක් පොරපිටියේ

August 1, 2020 9:23 am | Lanka Lead News

ලබන බදාදා පැවැත්වෙන මහ මැතිවරණයේ මන්ත්‍රීධූර 225ක් සඳහා අපේක්ෂකයන් 7452ක් තරග කිරීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පිළිගත් දේශපාලන පක්ෂ 25ක අපේක්ෂකයන් 3652ක් සහ ස්වාධීන කණ්ඩායම් 313ක අපේක්ෂකයන් 3800ක් මෙහිදී තරග කිරීමට නියමිත බවය.

මැතිවරණය සඳහා වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින අතර එම සංඛ්‍යාව 924කි. අපේක්ෂකයන් අඩුම සංඛ්‍යාවක් තරග කරනු ලබන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 152කි.
මෙවර මහ මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමේ මධ්‍යස්ථාන 12894ක් ඇති අතර ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2773ක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More