දේශීය පුවත්

මීගමුව බන්ධනාගාරයේ ඇතැම් රැඳවියන්ට සැප පහසුකම් ලබාදීමේ චෝදනාවට වරෙන්තු ලබා සිටින හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසියට චෝදනා එල්ල කළේය.

නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබු මාධ්‍ය හමුවක දී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් මෙසේ පොලීසියට චෝදනා එල්ල කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මේ විදිහට දින 7ක් 87000ක් ඉන්න පොලිස් හමුදාවක් ක්‍රියාත්මක වෙලා සම්පායෝ අත්අඩංගුවට ගන්න නොහැකිනම් ඒකෙන් දෙන පණිවුඩය මොකක්ද?”

“මේ රටේ ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට, සහ ඒ බන්ධනාගාරයේ අධිකාරිවරයාට තමුන්ගේ එළියේ සිටින සහචරයින් යොදාගෙන ඝාතනය කරන බවට ඔවුන් ප්‍රසිද්ධියේ කියා තිබුණා..මෙහෙම ධෛර්යයක්, ශක්තියක්, විශ්වාසයක් කොහොමද ඒ බන්ධනාගාර රැඳවියන්ට ලැබුණේ..?”

“පොලිස් දෙපාර්තමේන්තුව මේ රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ සුවිශේෂී කාර්යභාර්යයක් ඉටු කරනවා..ඒත් ඒ නායකත්වය ඉදිරියෙන් දිය යුතුයි..”

“දැන් අපි පොලිස් දෙපාර්තමේන්තුවට කියලා තියෙනවා..අධිකරණයට භාර වුණා කියලා හරියන්නේ නෑ..හොයන්න ඕනේ කොහෙද හිටියේ කියලා..මොකද මේවා නරක පූර්වාදර්ශ සපයනවා අනෙක් අපරාධකරුවන්ට..”

“අපිට හදිස්සියක් තියෙනවා තමයි මේ රටේ අපරාධ නඩු සම්බන්ධව..ඔය හැම නඩුවක්ම ඇල් මරනවා..මාධ්‍ය ආවරණය නැතිනම් මේ නඩුව මරලා ඉවරයි දැනටමත්..”

“සම්පායෝ උසාවියට එන්නේ නැතුව ජනාධිපති නීතිඥයෙක් ඇතුළු නීතිඥවරු 15ක් එවනවා අධිකරණයට..ඔහුට එහෙම ශක්තියක් දීලා තියෙන්නේ මේ සිස්ටම් එක..ඉතිං මේ සිස්ටම් එක නැවැත්විය යුතු නැද්ද අපි..?”

“මේ අපරාධ මර්ධනයෙහි ලා පොලීසියට තියෙන්නේ භූමියේ රාජකාරිය..අපි අධිකරණ රාජකාරිය කරලා දෙන්නම්..ඔබතුමාලා අපිට කරලා දෙන්න ඉතුරු රාජකාරිය..”

“දැන් අදට දින 10ක් වෙනවා..සම්පායෝ කියන පුද්ගලයා වාෂ්ප වුණා ද? කෝ ඔහු ?”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More