ක්‍රීඩා පුවත්

දිගින් දිගටම මුහුණ දුන් ශාරීරික ආබාධ වැලකට පසුව නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් වූ කුසල් ජනිත් පෙරේරා, වඩාත් හොඳ ටෙස්ට් ක්‍රීඩකයකු වීමේ බලාපොරොත්තු ඇතිව අයි.පී.එල්. තරගාවලිය අතහැරීමට තීරණය කර තිබේ. සන්රයිසස් හයිද්‍රාබාද් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටි ඬේවිඞ් වෝනර්ගේ ස්ථානය කුසල් පෙරේරාට ලැබිණ. එහෙත් බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ටෙස්ට් තරගාවලියට එක්වීමේ බලාපොරොත්තු ඇතිව කුසල් එම අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබේ.

කුසල් ජනිත් පෙරේරාගේ කළමණාකරු වන රවී ද සිල්වා මහතා ඒ බව තහවුරු කර සිටියේය.

දකුණු අප්‍රිකාවේදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමට සම්බන්ධවීමේ චෝදනාව නිසා වසරක ක්‍රිකට් තහනමකට මුහුණ දී සිටින ඕස්ටේ්‍රලියානු උපනායකයා තමන්ගේ සංචිතයෙන් ඉවත් කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තීරණය කළේය. අනතුරුව ඔහුගේ ස්ථානය කුසල් ජනිත් පෙරේරාට පිරිනමමින් තම කණ්ඩායම හා එක්වන ලෙස ආරාධනා කළද වමත් පිතිකරුවා එය ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට මේ දිනවල විවේකයක් තිබුණද බටහිර ඉන්දීය සංචාරය සඳහා මැයි මස මුල් සතියේදී පුහුණුවීම් ආරම්භ කෙරෙනු ඇත. යම් හෙයකින් සන්රයිසස් පිලේ ආරාධනාව බාරගත්තද ටෙස්ට් පිලේ පුහුණුවීම් වලට එක්වීම සඳහා අයි.පී.එල්. තරගාවලිය අතරමැදදී සන්රයිසස් කණ්ඩායමෙන් ඉවත්වීමට කුසල් පෙරේරාට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මැයි සහ ජූනි මාසවලදී පැවැත්වේ.
“එයාට ලැබුණු අවස්ථාව ගැන හිතාගන්නත් බැරි වුණාලු. ඒත් එයාට ඕනෑ කරන්නේ ජාතික කණ්ඩායමේ ස්ථානයයි. ඒ නිසා එයා තමන්ගේ ස්ථානය තහවුරු කරගැනීම සඳහා අන්තර් පළාත් සිවුදින තරගාවලියට සහභාගි වෙනවා” යයිද රවී ද සිල්වා පැවසීය.

අන්තර් පළාත් තරගාවලියේදී දඹුල්ල කණ්ඩායමේ උපනායකයා වන නමුත් පසුගිය සිකුරාදා ආරම්භ වූ තරගයට ඇතුළත් වූ ක්‍රීඩකයන් 11 දෙනා අතර කුසල් ජනිත් නොසිටියේය. වාර්තාවන ආකාරයට ඔහු කිසියම් අබාධයකට මුහුණ දී සිටී.

“එයා කොහොම වුණත් අඩුතරමේ සිවුදින තරගාවලියේ එක තරගයක් වත් ක්‍රීඩා කරාවි. විස්සයි-20, එක්දින වගේම ටෙස්ට් කියන ආකාර තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම එයාගේ අපේක්‍ෂාවයි” යයිද කළමණාකරු රවී ද සිල්වා මහතා පැවසීය.

ගෙවීගිය වසර තුනක කාලයේදී ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර ඇති කුසල් පෙරේරා සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වූයේ 2016 දෙසැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු පිලට එරෙහිවය.

පසුගියදා නිමාවූ නිදහස් කුසලාන තරගාවලියේ තරග 4 කදී ලකුණු 204 ක් ලබාගැනීමට කුසල් ජනිත් සමත් විය. සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට දැවැන්ත මූල්‍ය පාඩුවක් වන නමුත් වමත් පිතිකරුවාගේ අදහස වන්නේ ඉදිරියේදී වඩාත් ස්ථාවර තරග දිවියක් හිමිකර ගැනීමයි. තවමත් 27 හැවිරිදි කුසල් ජනිත් පෙරේරාට අවම වශයෙන් වසර 7 ක්වත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳී සිටීමේ අවස්ථාව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More