දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අන්තර්ජාතික ප්‍රජාව සහ ඉන්දියාව සමග ඵලදායී සම්බන්ධතා වර්ධනය කර ගැනීම ඉතාම වැදගත් බවත් රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් යුතු දේශපාලන ව්‍යාපාරය යටතේ ශ්‍රී ලංකාව ඒකාධිපතිවාදයට සහ මිලිටරිකරණයට ගමන් කරමින් පවතින බවත් ගෝලීය දෙමළ සංසදය ප්‍රකාශ කරයි.

එම නිසා දෙමළ ප්‍රජාව අතීතයේදී ලබාගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ඉදිරියේදී කටයුතු කළ යුතු බවත් එම සංසදය පවසයි.

එළැඹෙන මැතිවරණය හමුවේ නිවේදනයක් නිකුත් කරමින් ගෝලීය දෙමළ සංසදය ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව අමතමින් මෙසේද ප්‍රකාශ කර ඇත.

‘රාජපක්ෂවරුන්ගේ නායකත්වය මුළුමනින්ම රඳාපවතින්නේ සිංහල බෞද්ධ ඡන්ද පදනම මත වන අතර එය සුළුතර ප්‍රජාවන්ගේ අභිලාෂයන් කෙරෙහි අවධානයක් යොමු නොකරයි. වගවීම හා සංහිඳියාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම අනුග්‍රාහකත්වයෙන්ද ඉවත් විය.

සිවිල් ක්‍රියාකාරකම් වෙනුවෙන් මිලිටරිකරණය වැඩිකිරීම සඳහා (ඊසානදිග සෑම ගම්මානයකටම හමුදා නිලධාරීන් යොදවා ඇත.) මෙන්ම ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීමට සිංහල කාර්ය සාධක බලකායක් පත්කිරීමද සිදුකර ඇත.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදාහැරීම සහ දෙමළ භාෂාවට සමානාත්මතාව වැනි මූලික ප්‍රතිසංස්කරණ අහිමිකර තිබීම වඩාත් අශෝභනය.

මීට අමතරව ශ්‍රී ලංකාව විශාල ආර්ථික සංකෝචනයකට භාජනය වනු ඇතැයිද, බලවතුන්ගේ වැරදි ක්‍රියාවන් සඳහා සුළුතර ප්‍රජාවන්ගේ පළිගැනීම් සිදුවිය හැකි බවටද ගෝලීය දෙමළ සංසදය ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාවට අනතුරු අඟවා ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More