මත් උවදුර රටින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම සම්බන්ධ උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.
පාසල් ප්‍රමුඛ අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන්ම අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොදාගනු ලබන අනෙකුත් සියලු බාහිර පරිශ්‍රයන් තුළ මත්ද්‍රව්‍ය, මද්‍යසාර, දුම්කොළ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන හෝ මත්ද්‍රව්‍ය ආදේශක වශයෙන් යොදාගන්නා සියලු නිෂ්පාදන ප්‍රවර්ධනයට භාවිත කිරීමට හෝ අලෙවියට ඉඩදීම සපුරා වැළැක්වීමට ආයතන ප්‍රධානීන් විසින් මැදිහත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබේ.
මීට අමතරව මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ඒ සඳහා ආයතනික මට්ටමින් සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම චක්‍රලේඛය මගින් දැනුවත් කෙරෙන අතර මෙරට දරු පරපුර මත් උවදුරෙන් වළක්වා ගැනීම වෙනුවෙන් වන ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙමගින් පිටුබලයක් සැලසෙනු ඇතැයි අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...