ව්‍යාපාරික පුවත්

– නීතීඥ කපිල ගමගේ, සහාධිපත්‍ය උප⁣දේශක සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ හිටපු සභාපති

මේ අවනඩුවේ වඩාත්ම බලපෑමට ලක්වන කණ්ඩායම වන්නේ සහාධිප්‍ය දේපල සංවර්ධකයින් ය. මන්ද යත් එක් කේවියට් ලියාපදිංචියකින් සමහරවිට නිරවුල්ව අයිතිය ලබාදියහැකි දේපල 10ක් 15ක් හෝ 100ක් 200ක් හෝ සමහරවිට ඊටත් වැඩියෙන් එකතැන සිරගතවන බැවිනි. සහාධිපත්‍ය දේපළක් ඉදිකිරීම පිණිස දේපල සංවර්ධකයෙකු කටයුතු කරගෙන යද්දී ඔහු බියවද්දා මුදල් ලබාගැනීමට කටයුතු කිරීම තම වෘත්තිය කරගත් පෙලැනිත්යක් මේ වන විට බිහිව තිබේ. එවැන්නෙකුගේ ප්‍රමුඛ අවිය වනුයේ අදාල ඉඩමට කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමයි.

දේපල සංවර්ධකයා විසින් නාගරික සංවර්ධන අධිකාරියේද පළාත් පාලන ආයතනයේ ද, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ද, තවත් බොහෝ ආයතන ගණනාවකද අනුමැතීන් සහ නිශ්කාෂණයන් විශාල ප්‍රමාණයක් ලබාගෙන අවසානයේ සහාධිපත්‍ය ප්‍රකාශන ඔප්පුව ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කරන විට, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ අදාල පත්ඉරු අරා වැජඹෙන “කේවියට් තහනම් බාධාව” හමුවන අවස්ථා සුලබ වෙමින් පවතී.

එතෙක් අත්සන් කරන ලද විකිණීමේ ගිවිසුම් සියල්ල ඵල රහිත කරමින් ලියාපදිංචි කර ඇති මේ කේවියට් තහනම නිසා විකුණුම්කර සියල්ල වහාම එකතැන නතර වේ. බැංකු ණය මගින් ඉතිරි මුදල් ගෙවා සහාධිපත්‍ය ඒකක මිළදී ගැනීමට කටයුතු කරන බහුතරයකගේ ගමන ද වහා නතර වේ. දේපල සංවර්ධකයා විසින් බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීමේ කාර්යයද කරගත නොහැකි තත්වයට දේපල සංවර්ධකයා පත්වන අතර ඔහුගේ වරදක් නොවන හේතුවක් නිසාවෙන් අනවශ්‍ය පොලී එකතු වීමකට මුහුණ දෙන්නට දේපල සංවර්ධකයාට සිදුවේ. ඒ වන විටත් දේපලෙහි මිල පිළිබදව එකගතාවයකට පැමිණ ඇති බැවින් දේපලෙහි මිල ඉහළ නැංවීම හරහා අදාල අමතර පිරිවැය ඒකකයන් අතර බෙදා හැරීමටද හැකියාවක් නොලැබේ.

මේ තත්වය ඇතිවී තිබෙනුයේ ඉතා පහසුවෙන් කේවියට් තහනමක් ලියාපදිංචි කිරීමට ඕනෑම කෙනෙකුට ඉඩ සැළසී තිබීම හේතුවෙනි. ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥා පණතේ 26වන වගන්තියට අනුව ලියාපදිංචිය සදහා ඉදිරිපත් වන කේවියට් තහනම් නිසි පරීක්ෂාකිරීමකින් පසුව ලියාපදිංචි කළ යුතුව ඇති නමුත් ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් එසේ නොකරන බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නීතිපතිවරයා වෙත යවන ලද 2020.02.19 දිනැති ලිපියෙන්ද පිළිගෙන තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන් ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් දැනුවත් කර ඇති බවක් එම ලිපියේ සදහන් වුවද මේ වන තුරුත් ප්‍රායෝගිකව එවැනි පරීක්ෂාවක් සිදුවන බවක් නොපෙනේ.

තවද මේ දක්වා ලියාපදිංචි කර ඇති කේවියට් තහනම් නිසා දැනටමත් දේපල පැවරීම අතරමග නතරවී ඇති දේපල කිහිපයක් ද වේ. රුපියල් දෙදහස් පන්සියයක් පමණක් වියදම් කර සිදුකරන ලද මේ අවහිරය හේතුවෙන් සහාධිපත්‍ය දේපල සංවර්ධකයින් මුහුණ දෙන අලාභය ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. එසේම අදාල වරද නිවැරදිකිරීම පිනිස ලැබෙන සරල උපදෙස වනුයේ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමයි. ඒ තවත් අවසානය නොපෙනෙන ක්‍රියාවලියකි. ඒ සෑම දිනක් පාසාම දේපල සංවර්ධකයින් ණය කරුවන් බවට පත්වේ. ඔවුනට පොලිය එකතුවීම නොකඩවා සිදුවේ.

ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥාපණතේ 35වන වගන්තිය මගින් “දෝෂ සහගතව ලියාපදිංචි වී ඇති කේවියට් දැන්වීමේ ලියාපදිංචි සටහන අවලංගු කිරීමට” රෙජිස්ට්‍රාර්වරයාට බලය ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාම පිළිගෙන ඇති නමුත් මේ වන තුරුත් ඒ බලය භාවිතා කිරීමට රෙජිස්ට්‍රාර්වරුන් කටයුතු කරන බවක් දැනගැනිමට නොමැත. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් මතය විමසා ඇති අතර නීතිපති මතය තවමත් ලැබී නොමැත. ගතවන සෑම දිනක් පාසාමත් දේපල සංවර්ධකයින් විසින් අනවශ්‍ය පොළියක් ගෙවීමත් දේපල මිලදීගැනීමට බලාපොරොත්තුවන්නන්ට ඒ සදහා තවත් කාලයක් බලාසිටීමට සිදුවීමත් නොකඩවාම සිදුවේ.

— Ada derana —



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරු පත්කර තිබේ. ඔවුන්ගේ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) පස්වරුවේ ...


Read More

ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් චීනයට ගිය 23 දෙනෙකුට කොරෝනා : ගුවන් ගමන් සති 04කට අත්හිටුවයි

පසුගිය අගෝස්තු 07 වනදා කොළඹ සිට චීනයේ ෂැංහයි ගුවන්තොටුපළ බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ මගීන් අතරින් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්...


Read More

19 අහෝසි කිරීමක් නෑ, තාවකාලික වෙනස්කම් කිහිපයක් දැනට කරගන්න වෙයි – වාසුත් ලනුව ගිලියි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමක් මේ මොහොතේ සිදු නොකෙරෙනු ඇති බවත් තාවකාලික වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකෙ...


Read More