ඡන්ද දායකයින්ගේ ලිපින සොයා ගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හාරලක්ෂ 50,000 කට ආසන්න සංඛ්‍යාවක් යළි තැපැල් කාර්යාල වෙත ලැබී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒවා නොලැබුණු ඡන්ද දායකයෙක් වේ නම්, අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් එම නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවයි.
තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 99% ක් පමණ මේ වන විට බෙදාහැර අවසන් බවද ඔහු කියා සිටියේ ය.
මේ අතර, පසලොස්වක පොහොය යෙදෙන අගෝස්තු 03 වැනිදා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදිමට සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කළ ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගියදා පැවති රැස්වීමකදී අදාළ ලේකම්වරුන් ඉල්ලා සිටියේ කොරෝනා තත්වය සලකා සිය ප්‍රචාරක කටයුතු නිසි ලෙස සිදුකරගෙන යෑමට නොහැකි වූ බැවින් 03 වැනිදා ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු සිදු කිරීමට අවසර ලබාදෙන ලෙසයි.
එහෙත්, පවතින නීතිමය බාධා සහ ආගමික කටයුුවලට බාධාවීම් සිදුවිය හැකි බැවින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ ය.
ඒ අනුව ලබන 02 වැනිදා මධ්‍යම රාත්‍රී දොළහට පෙර සියළු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...