දේශීය පුවත්

සියලූම පාසල් සිසු සිසුවියන් සඳහා පාසල් කාලයටම බලපාන ශිෂ්‍ය අනන්‍යතා අංකයක් ලබාදීමට කටයුතු කරගෙන යන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

දැනට පාසල් අධ්‍යාපනය ලබන ලක්‍ෂ 43 ක් වන සිසු සිසුවියන් අතරින් ලක්‍ෂ 39 කගේ තොරතුරු පරිගණකගත කර තිබෙන බවත් ඉතිරි ලක්‍ෂ 4 ද කඩිනමින් පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු මෙය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පෙරේදා (29 දා* අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා පැවසීය.

ශිෂ්‍ය අනන්‍යතා අංකය ලබාදීමෙන් පසු එම ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව සඳහා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයන්, බාහිර ක‍්‍රියාකාරකම් ඇතුළු සියලූම තරග සඳහා ලබාදෙන ශිෂ්‍ය අනන්‍යතා අංකය භාවිත කරන බව ද ඇමැතිවරයා කීය.

දැනට සිටින සියලූම සිසුන්ට ශිෂ්‍ය අනන්‍යතා අංකය ලබාදීමෙන් පසු ලබන වසරේ සිට දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමේදීම ශිෂ්‍ය අනන්‍යතා අංකය ලබාදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More