දේශීය පුවත්

සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා සවි කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

මෙම ඉල්ලීමට අදාළ ලිපිය අද (31දා) හෝ හෙට (01දා) මැතිවරණ කොමිෂන් සභාවට යවන බව එම පක්ෂ නීතිඥ සංගමයේ ලේකම් බන්දුල වෙල්ලාල පවසයි. මෙවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් එම මධ්‍යස්ථානවල කිසිදු ගැටලු සහගත තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැති බව ද ඒ මහතා කියයි.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළත් වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ටත් අවස්ථාව ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කරමින් සිටින බව ද එම පක්ෂයේ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවැසීය. ඒ පිළිබඳ තීරණය ගැනෙන්නේ පොදුජන පෙරමුණේ විධායක සභාවෙන් යැයි ද උප සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Aruna

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More