රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (30) දිනයේ ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නේය. ඒ, සිව්වන දිනටයි.
එහිදී ඔහු කියා සිටියේ 2018 දෙසැම්බර් මස 30 වන දිනය වන විට සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් ආශ්‍රිත ආගමික ස්ථාන කිහිපයකට පහරදීම් සිදුව තිබූ බව තමන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලිඛිතව දැනුම් දුන් බවය.
එමෙන්ම ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් විසින් කාත්තන්කුඩියේ පිහිටි එම සංවිධානයේ ප්‍රධාන මධ්‍යස්ථානය තුළ සෑම ඉරුදිනකම ශ්‍රී ලංකාව ඉස්ලාම් දේශයක් නොවන නිසා එය ඉස්ලාම් දේශයක් කරා රැගෙන යා යුතු බවට දේශන පවත්වමින් සිටි බව තමන් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර තිබු බවද නිලන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදි කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කර සිටියේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් වන පාර්ශවයක් පිළිබඳ ව රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබි තිබිය දී, ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කර තර්ජනය අවම කරගැනීමට හෝ අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ යුතුව තිබුණා නොවේද යන්නය.
එය එසේ සිදුකළ යුතුව පැවතියද මෙවැනි තොරතුරු නිසා මහජනතාව අතර ජාතිවාදි ගැටුම් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ මහජනාතව දැනුවත් නොකළ බවට ජයවර්ධන මහතා පිළිතුරු ලබාදුන්නේය.
කොමිසම හමුවේ සාක්ෂිදෙමින් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් ධුරයේ රැදී සිටි කාලය දේශපාලනික වශයෙන් පක්ෂ දෙකක් රට පාලනය කළ කාලයක් බැවින් එම පක්ෂ දෙකෙහි දර්ශනය පිළිබදව ගැටළු පැවති බවය.
එබැවින් තමන්ට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස අමතර පීඩනයක් දැනුණු බවත් සහරාන්ගේ අන්තවාදි ක්‍රියා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තිබු හොඳම ස්ථානය ජාතික ආරක්ෂක කවුන්සිලය බැවින් ඒ වන විට රාජ්‍ය පාලනය කළ පක්ෂ දෙකම ආරක්ෂක කවුන්සිලයේ දී සහරාන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කළ බවත් ජයවර්ධන මහතා කියා සිටියේය.
එසේම 2017 වර්ෂයේ ආරම්භ වන විට ඇමරිකාවට සහ ඉන්දියාවට අයි.එස් ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ලවීමේ තර්ජනයක් පැවති බව තමන්ට විදෙස් බුද්ධි අංශ වලින් දැනගැනීමට ලැබුණු බැවින් මෙරට පිහිටි අමෙරිකානු තනාපති කාර්යාලය සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට විශේෂ ආරක්ෂාවක් යොදවන ලෙස එවකට ආරක්ෂක ලේකම්වරයාට තමන් නිර්දේශ කළ බව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.
එහිදි කොමිසමේ සමාජිකයෙකු වන අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ විදෙස් රටකට තිබු තර්ජනයක් සම්බන්ධයෙන් ආරක්ෂාව සැපයීමට නිර්දේශ කළ ඔබ මෙරට සිදු වු අත්තවාද ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු සැපයීමෙන් පමණක් නැවතීමේ දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ මන්ද යන්නය.
එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ සහරාන් හෂිම් සමාජය තුළ සිටීම බරපතළ තර්ජනයක් බව තමන් වටහාගෙන සිටි බැවින් විශේෂ කණ්ඩායමක් යොදවා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පාස්කු ප්‍රහාරයට වසරකට පෙර ලිඛිතව වගකිවයුත්තන් දැනුවත් කර තිබු අතර සැකකරුවන් සැඟව සිටින ස්ථානද නිශ්චිතව පෙන්වා තිබු බවය.
එසේම අන්තවාදි ක්‍රියාකාරකම්වල නිරතවුවන් 94 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් 2017 වසරේද, 130 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් 2018 වසරේද ලබා දී ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස තමන් වගකිවයුතු අංශ වෙත දැන්වූ බව සාක්ෂිකරු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් අතීතයේ පොලිස් විශේෂ කාර්යය බලකාය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය රාජ්‍ය බුද්ධි සේවය යටතේ පැවති කාලයේ මෙන්, තම සේවා කාලය තුළ අත්අඩංගුවට ගැනීම්, සෝදිසි මෙහෙයුම් සිදු කිරීමේ හැකියාවක් නොවු බව ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...