අගමැතිවරයා විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළත් නැතත්, ඉන්පසුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට විපක්‍ෂ නායක ධුරය අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.
ඒ අනුව අනිද්දා (4 දා) රාත්‍රි 9.30 ට පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව පසුදා ආර්. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායක ධුරයේ කටයුතු කිරීම අභියෝගයට ලක් කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කළොත් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම ජාතික ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට පැමිණෙන බවට මේ වන විටත් ප්‍රකාශ කර ඇතැයි කී ඉහත මන්ත්‍රීවරයා ඒ අනුව විපක්‍ෂ නායක ධුරය හිමිවන්නේ එජනිසයට බවද කීවේය.
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය අහිමි වූවොත් නව කැබිනට් මණ්‌ඩලයක් යටතේ නව ආණ්‌ඩුවක් පිහිටුවනු ලබන බවද එහිදීද සම්බන්ධන් මහතාගේ විපක්‍ෂ නායක ධුරය අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයි හෙතෙම පැවැසීය. යම් හෙයකින් සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂව ඡන්දය ලබාදී තිබුණොත් තවදුරටත් ඔහුට විපක්‍ෂ නායක ධුරයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
මේ නිසා මෙම විශ්වාසභංග යෝජනාවෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ආර්. සම්බන්ධන් මහතාද අපහසුතාවකට පත්ව ඇතැයිද හෙතෙම කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...