දේශීය පුවත්

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

මෙම නිලධාරියා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ මිට දින දෙකකට පෙර සිදුකළ PCR පරීක්ෂණයකදිය. මෙම පුද්ගලයා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් වන අතර ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක්ව නොසිටි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම නිලධාරියා ලංකාපුර ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයට, ආයුර්වේද රෝහලකට මෙන්ම බැංකුවකට පසුගිය දින වලදී ගොස් ඇති බවයි දැනට සිදුකර ඇති මුලික පරීක්ෂණ වලදී කරුණු අනාවරණය වී ඇත.  එමෙන්ම මෙම නිලධාරියා සමග සමීපව ආශ්‍රය කළ බව කියන ඇතැම් ආශ්‍රිතයින් පොළොන්නරුව, හිඟුරග්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක විසිරි සිටින බවයි ලංකාපුර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මිලින්ද සම්පත් සඳහන් කර සිටියේය. එම ආශ්‍රිතයින් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ සෞඛ්‍ය බලධාරීන්ට මේ වන විට දැනුවත් කොට ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

මෙම නිලධාරියා මිට දින කිහිපයකට ඉහතදී ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට ද සහභාගිවී ඇති අතර එහිදී ඔහු මියගිය පුද්ගලයාගේ භූමදානය සිදුකිරීමට අවශ්‍ය ස්ථානය සකස් කරන ස්ථානයට ද ගොස් එහි සිටි පිරිස් සමග මත්පැන් සාදයක් ද පවත්වා ඇති බවට කරුණු හෙළිව තිබේ. එම ස්ථානයේ පමණක් ඔහු හා සම්බන්ධ වූ ආශ්‍රිතයින් සංඛ්‍යාව 14 දෙනෙක් බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදිත මෙම නිලධාරියා ප්‍රදේශයේ ස්ථාන කිහිපයක දී පසුගිය දිනවල සාද පවත්වා ඇති අතර ඔහුගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සොයා මේ වන විට ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට මෙම නිලධාරියාගේ ආශ්‍රිතයින් 50 කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කොට ඇති බවත් දළ වශයෙන් පුද්ගලයින් 200 ක ගේ පමණ PCR පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව ලංකාපුර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More