දේශීය පුවත්

කුරුණෑගල පුරාවස්තු විනාශය සිදු වී අදට දින 15 ක් ගත වූවත් ඒ සම්බන්ධ කිසිවෙකුත් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව අපේ ජනබල පක්ෂයේ අපේක්ෂක පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ පවසති .

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

”දැක්කනේ මේ ඊයේ පෙරේදා කුරුණෑගල නගරා‍‍ධිපති බුවනෙකබාහු හෝටලය හෝටලය හරි මොකා හරි පැරනි ගොඩනැගිල්ල කියමුකෝ. ඒක 2014 ගෝඨාභය මහත්තයාම ගැසට් එහෙකින් සංරක්ෂණය කළ යුතු ගොඩනැගිල්ලක් කියලා නම් කරනවා. ගොඩනැගිලි 10 න් 6 වෙනි ගොඩනැගිල්ල විදිහට. ජොන්ස්ටන් කියනවා මගේ මිනිහා නගරාධිපති මයිලකට අත තියන්න දෙන්නේ න‍ෑ.

පුරාවිද්‍යාවෙන් දාපු කොමිටියෙන් ‍එනවා මේකේ වරදක් වෙලා තියෙනවා අනිවාර්යයෙන් නීතිය හමුවට පමුණුවන්න ඕන කියලා. ඊට පස්සේ පොහොට්ටුවේ සභාපති හාමුදුරුන් ඇවිල්ලා කියනවා පොහොට්ටුවේ වීම නිසා නැහැ නැ මේකෙ මේ දේශපාලන නේ ගනන් ගන්න දෙයක් නෑ. අනික් පැත්තෙන් ආණ්ඩුවෙන් නිර්දේශයක් එනවා ලක්ෂ 90 ක් යනවා ඒක නගරස භාවේ නිසා පළාත් සභාවේ සල්ලිවලින් ආපහු මේක පිළිසකර කරන්න ඕන කියලා.

ඊයේ ගෝඨාභය මහත්තයා කියනවා පෙරේදාද කොහෙද මේ නැ නැ නැ ඒක මේ අර බුවනෙකගේ මොකක්ද මේ අර අහවලා ගේ පුතාගෙනේ. එහෙනම් මොන බම්බුවකටද ලක්ෂ 90 ක් වෙන් කරන්නේ අරක හදන්න සමතලා කරා නම් ඉවරනේ. මෙන්න මේ ගොල්ලන්ගේ දේශපාලනේ. අපි මේ පරණ මූව පාරේ යන්නද ගෝඨාභය වගේ කෙනෙකුට කතිරේ ගැහුවේ ? නැහුනේ අපි. බණ 800 කට වැඩිය කියලා තියෙනවා මම මේ රටේ මේ මතය හදන්න එක බනකට මිනිස්සු දෙතුන්දාහක් ඇවිල්ලා තියෙනවා බණ අහන්න. යු.එන්.පි කාරයෝ ඇවිල්ලා කියලා තියෙනවා අනේ හාමුදුරුවනේ තමුන්නාන්සේ කියන කතාව ඇත්ත ගහන්නෙ නෑ මේ පාර නම් අනිවාර්යයෙන් ඔබ වහන්සේ කියන මේ පණිවුඩය අපි ජනගත කරනවා. එහෙමයි අපි ඔසවලා තිබ්බේ. හැබැයි ඒ මහින්ද මහත්තයාටයි එයාගේ අර පරණ හොරු රැළටයි රට අර පරන පාරේන් රට අරන් යන්න නෙවෙයි ඒක කළේ.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More