පුරවැසි කොලම

අප්‍රේල් 21 වැනිදා සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් වන බුද්ධි තොරතුරු ප්‍රහාරයට පෙර අවශ්‍ය පුද්ගලයන්ට වාර්තා කළද ඉන් පලක් නොවූ බව හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (29 වැනිදා) පැවැසීය

එසේම රට පුරා සිදු වූ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණවලදී ඇතැම් දේශපාලනඥයන් එම ක්‍රියා සිය වාසියට හරවාගෙන ජන්ද පදනම වැඩිකරගෙන ඇති බවට නිරීක්ෂණය වූ බවද බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මෙහිදී ප්‍රකාශ කළේය.

ඊයේ (29 වැනිදා) තෙවන දිනටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර එහිදී ඔහු විසින් අයි.එස්. ත්‍රස්තවාදයේ ව්‍යාප්තිය තුළින් මෙරටට ඇතිවන බලපෑම පිළිබඳ රැස්කරගත් බුද්ධි තොරතුරු ලේඛන සම්බන්ධයෙන් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – තුන්වැනි ඉදිරිපත් කිරීම කළේ කවදාද?

නිලන්ත ජයවර්ධන – 2017 වසරේ ජුනි 27 වැනිදා. එවකට පොලිස්පතිධුරයේ සිටියේ පූජිත් ජයසුන්දර

මෙම අවස්ථාවේදී එම බහුවිධ ලේඛන කොමිසම හමුවට ඉදිරිපත් කරමින් නිලන්ත ජයවර්ධන ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කිහිපයක්ම කළේය.අයි.එස්. අයි.එස්. සංවිධානයේ ලියැකියවිලිවලට අනුව ඉස්ලාම් රාජ්‍යයට ශ්‍රී ලංකාවද ඇතුලත් කරගෙන තිබුණු බව හෙළි වූ බවද එහිදී ඔහු කොමිසම හමුවේ අවධාරණය කළේය.

මෙහිදී ඔහු සිංහලේ නමින් රැල්ලක් පැන නැගුණ බවත් මෙම සංවිධාන මිනිස්සුන්ගේ හදවතට කතාකර ජාතිවාදය ඇවුස්සූ බවත් 2013 සිට 2014 දක්වා වූ කාලය තුළ බෞද්ධ සංවිධාන 36 ක් විවිධ නම්වලින් එළියට පැමිණි බවත්, එම සංවිධාන විවිධ අදහස් සමග පැමිණි බවත් ඔහු කොමිසම හමුවේ කීය.

විවිධ සටන් පාඨ මුල්කරගෙන බිහිවුණු සංවිධාන විසිතුනක ලැයිස්තුවක්ද නිලන්ත ජයවර්ධන කොමිසම හමුවට ඉදිරිපත් කළේය. එම සංවිධාන විවිධ ප්‍රදේශවල සිට ක්‍රියාත්මක වූ බවද ඔහු පැවසීය

“පොඩි පොඩි කරුණු ජාතිවාදය දක්වාම කතාකරන්න ගත්තා. පොඩි ගැටුම් ලංකාවේ ජාතිවාදී ගැටුමක් බවට පත්වුණා. ශ්‍රී පාදයේ අන්‍යාගමිකයෙක් නිවාඩු නිකේතනයක් ඉදිරිකිරීමට යාමේ සිදුවීම වගේ දේවල්. මේ නිසා සමහර පුද්ගලයන් චරිත බවට පත්වුණා. නායකයන් වුණා. මේ තුළින් අන්තවාදය ලංකාවට ඒමේ ප්‍රවණතාව වැඩිවුණා. ඒ අතරම ශ්‍රී ලංකා තවුහිත් ජමාත් නායක අබ්දුල් රාසික් විසින් බුදු දහමට නිගාකරමින් කළ ප්‍රකාශ පිළිබඳව සහ අබ්දුල් රාසික්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවත් ඔහු කොමිසම හමුවේ පැවසීය.

ඔහු වීරයෙක් වුණා. මුස්ලිම් සංවිධාන වැඩි වැඩියෙන් සිංහල අයට එරෙහිව පොලීසිවලට පැමිණිලි කරන්න ගත්තා. හිස්බුල්ලා ගැන පාර්ලිමේන්තුවේදී කතා කළා. අසාද් සාලි ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. “යැයිද කොමිසම හමුවේ හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන කොමිසම හමුවේ තවදුරටත් ප්‍රකාශ ක‍ළේය.

කොමිසම – ඔබගේ මෙම කරුණු දැක්වීමට අනුව පෙන්නුම් කරන්න හදන්නේ ඉස්ලාම් අන්තවාදය ඇති වුණේ කොයි කාලෙ කියලද?

නිලන්ත ජයවර්ධන – 2016 වන විට සිරියාවට කට්ටිය ගිහින් හිටියේ. අලුත්ගම සිද්ධිය සහරාන් පාව්චිච් කළා ඔහුගේ වාසියට. ගැටුම් වැඩිවෙන්න වැඩි වෙන්න එයාල ශක්තිමත් වුණා. දිගන සිද්ධියෙන් පසු සහරාන් දිගින් දිගටම කතා කළා. ශක්තිමත් වුණා.

කොමිසම – ප්‍රජා පොලීසිය සමග ආගමික අන්තවාදය වැළැක්වීමට ක්‍රියා කළාද?

නිලන්ත ජයවර්ධන – ප්‍රජා පොලිස් සංකල්පය අපි ගෙනාවේ එංගලන්තයෙන්. හොඳ සංකල්පයක්. දැනට එය ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කරන්න ඕන . මහජනතාව අතරට ගිහින් තොරතුරු ලබා ගැනීමයි ඒ තුළින් සිදුවිය යුත්තේ. එහෙම නැතිව ශ්‍රමදාන කරන එකද, ගෙවල් හදන එකද ගස් සිටුවනවාද කියල ගැටලුවක් තියෙනවා. ප්‍රජා පොලිස් ක්‍රමවේදය හොඳයි. එය වැරදියටයි ක්‍රියාත්මක වූයේ. එය දැන් හැදෙමින් පවතිනවා.

මෙම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසමේ අවධානයට යොමු කරමින් කටුවපිටිය බෝම්බ පිපුරුම සම්බන්ධයෙන් සාක්ෂි විභාගයේදී එදින පොලිස් නිලධාරීන් දේවස්ථානයට ආරක්ෂාවක් සපයා නොතිබුණු බව අනාවරණය වූ බවත් පොලිස් නිලධාරීන් ප්‍රජා පොලිස් කාර්යන්වල නිරතව සිටි බවත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවල සඳහන් වූ බවත්ය.2016 ජුනි 02 වෙනිදා වන විට මේ ගැටලු ජාත්‍යන්තර කරණය වෙන්න ගත්තා. යුරෝපීය සංගමයට පැමිණිලි කරනවා. ඒ අතර කැනඩාවේ තානාපති කාර්යාලයට ගොස් පැමිණිලි කරනවා. ඒ අය කියන්න ගත්තා මේ රටේ ජීවත්වෙන්න බැහැ කියල. ඒ කතාව සමාජගත කරන්න ගත්තා. මුස්ලිම් රටවල් 57 ක සංවිධානයක් තිබෙනවා සෞදියේ. ඒකටත් මේ අය පැමිණිලි කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුව ඇති බලගතුම ආයතනයක් ඒක. සුළු සිද්ධියක් ජාතිවාදී ගැටුමක් ලෙස සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවත් මුස්ලිම් අය වෙනුවෙන් දේශපාලනඥයන් ඉදිරිපත් වන බවත් සිංහල අය වෙනුවෙන් සිංහල දේශපාලනඥයන් ඉදිරිපත් නොවන බවට මතයක් ද ඉදිරිපත් වුණා. සිංහල අය අත්අඩංගුවට ගන්නවා. ඒත් මුස්ලිම් අය අත්අඩංගුවට නොගන්නවා යැයි මතයක්ද ඉදිරිපත් වුණා.

කොමිසම – බුද්ධි තොරතුරු අනිත් බුද්ධි ආයතන සමග හුවමාරුකර ගත්තද?

නිලන්ත ජයවර්ධන – වාර්තා කළ යුතු අංශවලට වාර්තා කරල තියෙනවා. මට ලැබෙන තොරතුරු ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ ජාතික බුද්ධි ප්‍රධානියාට ලබාදෙනවා.

කොමිසම – ඔබ කළ දැනුවත් කිරීම්වලින් වැඩක් වුණාද.

නිලන්ත ජයවර්ධන – අපි අපිට කරන්න පුළුවන් දේ උපරිම උත්සහයකින් කළා කියල විශ්වාස කරනවා. කොස්තාපල්ගෙත් සාජන්ගෙත්, උප පොලිස් පරීක්ෂකයාගෙත්, ජාතික බුද්ධි ප්‍රධානියාගෙත් පොලිස්පතිවරයාගේත් හැම දේම මට කරන්න බැහැ. රාජකාරි ප්‍රමාණයක් තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවය කියන්නේ ත්‍රස්තවාදීන් ගැන පමණක් සොයා බලන ආයතනයක් නෙමෙයි. මෙරට බුද්ධි සේවාවලින් අඩුම පිරිසක් ඉන්නේ අපිටයි. සේවාවකට කළ යුතු වැඩ ප්‍රමාණයක් තිබෙනවා. මාර්ග බාධක දාන්න, අත්අඩංගුවට ගන්න අපිට හැකියාවක් නැහැ. වළක්වා ගැනීමේ වගකීමයි තියෙන්නේ. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් හැටියට අපි අපට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා.

කොමිසම – මෙපමණ දෙයක් කරලත් ප්‍රතිඵලයක් නැහැ කියල පිළිගන්නවද?

නිලන්ත ජයවර්ධන – බෝම්බ පිපුරුණාට පස්සේ අපි කරපු රාජකාරියේ ප්‍රතිඵලයක් නැහැ කියල හිතනවා.

කොමිසම – කවුද රාජකාරිය නොකළේ?

නිලන්ත ජයවර්ධන – මට කියන්න බැහැ. මම මගේ රාජකාරිය කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More