අගෝස්තු 3 වැනිදා පසළොස්වක පොහොය දිනයේද මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල යෙදීමට සියළු දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් කළ ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබේ.
ඉකුත්දා පැවති රැස්වීමකදී එම පක්‍ෂ ලේකම්වරුන් ඉල්ලා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිය ප‍්‍රචාරණ කටයුතු නිසි ලෙස සිදුකර ගෙන යාමට නොහැකි වූ බවයි.
මේ හේතුවෙන් ලබන 3 වැනිදා ගෙයින් ගෙට ගොස් හෝ සිය ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීමට අවසර දෙන ලෙසයි ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.
කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය සදහන් කර ඇත්තේ ප‍්‍රචාරණ කටයුතු අගෝස්තු 2 වැනිදා මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්වීම හේතුවෙන් සහ පැන නැගිය හැකි තවත් කරුණු කිහිපයක් හේතුවෙන් එම අවස්ථාව ලබාදීමට නොහැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...