ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ් 19 ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත මෙම ආසාදිතයා හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.
එම රෝගියා මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයෙකි.
තවදුරටත් මෙම රෝගියාගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් සිටින අතර ඔවුන් ද පීසීආර් පරීක්ෂණ සඳහා නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
මෙම ආසාදිතයා හමුවීමත් සමග ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසා දමා ඇතැයි ද වාර්තා වේ.
ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2811ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ පුද්ගලයින් 16 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 2333ක් දක්වා වැඩි වී තිබේ.
පුද්ගලයින් 467ක් වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් රෝහල් ගතව සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...