ව්‍යාපාරික පුවත්

සේවා නියුක්තිකයන්ගේ අරමුදල් මණ්ඩලයේ සාමාජිකයින්ගේ මුදල් සඳහා ඉකුත් වසර වෙනුවෙන් ගෙවන පොලිය 8%ක් දක්වා අඩු වී ඇත.

2018 වසරේ එම මුදල් සඳහා ගෙවනු ලැබූ පොලිය වූයේ 9% ක් බවත්, එය ඉකුත් වසරේ 8%ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (සාමාජික සේවා) ටී. මල්ලිකාරච්චි මහතා අද පැවසීය.

මේ අතර එම අරමුදල කඩාවැටීමකට ලක්ව ඇතැයි මේ වන විට පැහැදිළිව පෙනී යන බැවින් ඉක්මණින්ම මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළම දැනුමක් ඇති අයෙකු අරමුදලේ ඉහළ තනතුරකට පත් කරන්නැයි ඊ.ටී.එෆ් සුරුකීමේ සේවක සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.

මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් මණ්ඩලය සාමාජිකත්වය ලක්ෂ 25 ක් ඉක්මවා ඇති බවත් රුපියල් බිලියන 350 ඉක්මවූ මුදලක් ඇති බවත් පෙන්වා දී ඇති එම සංගමය දැනට වසර 15 කට අධික කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති සාමාන්‍යධිකාරි තනතුර පිරවීමට කටයුතු කරන්නැයි ද ඉල්ලා ඇත.

මේ වන විට සාමාන්‍යධිකාරී තනතුර වෙනුවට ක්‍රියාත්මක අතිරේක සාමාන්‍යධිකාරී තනතුරට හෝ මූල්‍ය ක්ෂේත්‍රයේ පුළුල් දැනුමක් ඇති පුද්ගලයෙකු පත්කර ඉක්මණින්ම අරමුදලේ කටයුතු ප්‍රතිසංවිධානය කරන්නට කටයුතු කරන්නැයි ද එම ලිපිය මඟින් ජානාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මෙම කඩා වැටීමට ප්‍රධාන වශයෙන් වගකිව යුතු නිලධාරීන් කිහිපදෙනෙකු ද ආයතනය තුළ සිටින බැවින්, ඉතා ඉක්මණින් මෙම ආයතනය බේරාගැනීමට මැදිහත් විය යුතු යැයි ද ඊ.ටී.එෆ් රැකගැනීමේ සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

එම සංගමයේ සභාපති සාගර හේවාගම මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ පිටපත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, විගණකාධිපතිවරයා, සේවා නියුක්තිකයින්ගේ අරමුදලේ සභාපතිවරයා මෙන්ම එහි සියලුම අධ්‍යක්ෂවරුන් වෙතද යවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More