හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් භාවිත කළ මර්සිඩීස් බෙන්ස් එස් -600 ඇතුළු නිල වාහන 4 ක් යළි ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදීමට පියවර ගෙන ඇත.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවේ රජයේ වියදම් අඩු කිරීමට සහ රටේ මූල්‍ය දුෂ්කරතා සමනය කර ගැනීම සඳහා මෙම වාහන ආපසු භාර දෙන බවයි.
හිටපු ජනාධිපතිනිය පෙන්වා දුන්නේ ඇයට නිල වාහන 12 ක් ලබාදී තිබු බවත්, පුද්ගලික හා නිල භාවිතය සඳහා වාහන 09 ක් ද, ආරක්ෂක අංශයට වාහන 03 ක් ද පවරා තිබු බවත්ය.
ආපසු භාරදුන් වාහන අතර නිසාන් පැට්‍රෝල් ජීප් රථයක්, මහේන්ද්‍ර ඩබල් කැබ් රථයක් සහ ටොයොටා ලෑන්ඩ් කෘසර් ජීප් රථයක් ද වේ. ඉදිරියේදී තවත් වාහන 08 ක් නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදෙන බව හිටපු ජනාධිපතිවරිය සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...