මහ පරිමාණ කසළ තේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
රේගු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු ඊයේ(29) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වෙයි.
මෙරට ක්‍රියාත්මක වූ මහා පරිමාණ කසළ තේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ රේගු දෙපාර්තමේන්තු ව අදාළ ජාවාරමේ ප්‍රධාන සැකකරුට රේගුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබුණි.
ඒ අනුව ඊයේ දිනයේ අදාළ සැකකරු රේගු දෙපාර්තමේන්තු වේ අවදානම් කළමනාකරණ ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇති බව වාර්තා වේ.
පැය 07ක පමණ ප්‍රකාශයක් සටහන් කර ගැනිමෙන් පසුව අත්අඩංගුවට ගත් අදාළ සැකකරු රේගු දෙපාර්තමේන්තු ව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අදාළ සැකකරු ලබන අගෝස්තු 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව සඳහන් වේ.
ලබන අගෝස්තු 04 සහ 10 යන දිනවල දී සැකකරු විසින් රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරින්ට ප්‍රකාශයක් ලබාදිය යුතු බව නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඊට අවශ්‍ය පහසුකම් සපයන ලෙස බන්ධනාගාර නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
කසළ තේ අපනයනය කිරිමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට රේගුව විසින් සිදුකළ මූලික විමර්ශන අවසන් කර ඇති අතර ඊයේ අත්අඩංගුවට ගැණුනු එම ජාවාරමේ ප්‍රධාන සැකකරු සමග සැකකරුවන් 09 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් විසින් 2017 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් දක්වා කාලය තුළ කසළ තේ කන්ටේනර් 252ක් ඉරාකයට යවා ඇති බව වාර්තා වේ.
කොහුබත් අපනයනය කරන බව රේගුවට පවසමින් අදාළ තේ ඉරාක වෙළෙඳපොළට “සිලෝන් ටී“ නමින් ලබා දී ඇති බව රේගුව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ඊයේ දිනයේ අත්අඩංගුවට ගැණුනු මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු සෘජුවම කසළ තේ කන්ටේලර් 48ක් ඉරාකයට අපනයනය කර ඇති බව අනාවරණය වී ඇත.
මෙම ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන අඩාල කිරීම සඳහා රේගු දෙපාර්තමේන්තු වේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරින්ට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ද ඉදිරිපත් වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...