හිටපු ඇමැති පාඨලී චම්පික රණවක ඛනිජ තෙල් විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කරන අවධියේදී ඔහුගේ හිතවතුන්ට ඉන්ධන පිරවුම්හල් ලබා දෙන ලෙසට තමන්ට දැඩි බලපෑම් එල්ල කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු අලෙවි කළමනාකරු චමින්ද ප්‍රසාද් සමරකෝන් ඊයේ (29 වැනිදා) පැවසීය.
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු දේශපාලනඥයන්ගෙන් සහ ඔවුන්ගේ හිතවතුන්ගෙන් එල්ල වූ බලපෑම් මත ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් බදු මුදල් පවා අය නොකළ බවද ප්‍රසාද් සමරකෝන් මහතා පැවසීය.
පසුගිය රජය සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් ප්‍රසාද් සමරකෝන් එසේ පැවසීය. ඇමැති පාඨලී චම්පික රණවකගේ උපදෙස් මත, ඔහුගේ පෞද්ගලික නිලධාරින් විසින් තමන්ට පැවරූ නීති විරෝධී කටයුතු ඉටු නොකළ නිසා, තමාව සේවයෙන් නෙරපා දැමූ බවද ඔහු සාක්කි දෙමින් පැවසීය.
-අරුණ-
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...