දේශීය පුවත්

ආන්දෝලනයට ලක්ව ඇති කුරුණෑගල නගරාධිපතිවරයා විසින් ගොඩනැගිල්ලක් කඩා දැමීමේ ක්‍රියාව නිවැරදි එකක් බවත් එම ගොඩනැගිල්ලට කිසිදු ඓතිහාසික වටිනාකමක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

“මේ කුරුණෑගල සිද්ධිය. මේ මෑත කාලයේ මේ මැතිවරණය අස්සේ සමාජ මාධ්‍ය තුළ. මං හිතන්නෙ මං කුරුණෑගල ගියා කීපවතාවක් ඕකෙන් පස්සෙත්. කුරුණෑගල නම් වැඩි කතිකාවතක් නෑ ඒ සම්බන්ධයෙන් අවංකවම.  කරපු වැඩේ හරි. හැබැයි කරපු විදිහ වැරදියි කියන එක මං පිළිගන්නවා. මොකද ඒක කඩන්න තිබිච්ච එකක්. ඒක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන එකක් නෙවෙයි කියන එක අද පිළිඅරන් තියෙනවා.” කඩපු කෑල්ල හරි. කරපු විදිහ වැරදියි. ඕක ඔයිට වඩා වෙනස් විදියකට කරන්න තිබුණා, පුරාවිද්‍යා නිලධාරීනුත් කැඳවලා. පුරාවිද්‍යා එකටත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා, පසුගිය පාලනය යටතේ නිලධාරීන් බඳවාගෙන නෑ, ඒ නිසා නිලධාරීන් හිඟයකුත් තියෙනවා. මේ සිද්ධියෙදි ඒ නිලධාරීන් සහ දේශපාලනඥයින් කියන දෙගොල්ලොම මීට වඩා වගකීමෙන් කටයුතු කළා නම් හරි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More