‘‘රනිල් පිලෙන් සහ සජිත් පිලෙන් මන්ත්‍රීවරුන් බා ගනිමින් තුනෙන් දෙකක් හදා ගැනීමේ මෙහෙයුම රාජපක්ෂලා දැනටමත් ආරම්භ කර ඇතැයි ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න ඊයේ (29දා) ප්‍රකාශ කළේය.
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සමන්ත විද්‍යාරත්න මෙසේද කීය.
ජාතිය අමතලා ජනාධිපතිවරයා බඩු මිල අඩු කළා. ඒත් ජාතිය අමතන්නේ නැතිවම මහ මැතිවරණය අභිමුවේම බඩු මිල යළි වැඩි කළා. ජාතිය අමතක කළා.
ජනතාව තවම නගරයට ඇදී එන ප්‍රමාණය අඩුයි. සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙලා නෑ. සමෘද්ධි දීමනා ලබන පවුල් දහසය ලක්ෂ හැටදහසක් ඉන්නවා. බන්දුල ගුණවර්ධනගේ තියරියට ජීවත් වෙන්න ජනතාවට බෑ.
දරිද්‍රතාව රේඛාවෙන් පහළ ජීවත් වන ජනතාවට තමයි බඩු මිල වැඩි කිරීමෙන් අපහසුතාවක් ඇතිකර තිබෙන්නේ. ඡන්දයට කලින් සහනයක් දෙන්නේ නැත්නම් ඡන්දෙන් පස්සෙ සහන ලැබෙයි කියා විශ්වාස කරන්න එපා. තෙල් සහනය අයි.ඕ.සී. සමාගමට ලැබුණට ජනතාවට නෑ. පොල්තෙල් බෝතලයක් තියෙන්නේ රුපියල් 450න් ඉහළට. තෙලෙන් තම්බන්න බෑ. වතුරෙන් තම්බලා කන මට්ටමට ඇවිත්. කහ හිඟයත් ලංකාවේ තියෙනවා.
ජනතාවගේ මූලික අවශ්‍යතාව වන ආහාර ටික සම්පාදනය කරන්නවත් අණ්ඩුවට බැහැ. බදු වැඩි කළේ ආහාරවලට. ආහාර මිල වැඩි කිරීම නිසා මිනිසුන්ගේ බත්පතට අඩංගු දේ ආණ්ඩුව විසින් උදුරාගෙන තියෙන්නේ. ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුව සිටිනවා. එනිසා ක්ෂුද්‍ර මූල්‍ය කාන්තා ණය අහෝසි කරන බව ගෝඨාභයලා කිව්වා. ලීසිං සහන නෑ. වතුකරයේ කම්කරුවන්ට රුපියල් දහත් නෑ. රාජපක්ෂවරු කියන දේ හොඳයි. ඒත් කරන දේ තමයි නරක. සීනි කිලෝ එකක් ගෙදර ගෙන යන්න තක්කාලි කිලෝ හතහමාරක් විකුණන්න ඕනේ.
සෙවණගල හා පැලවත්ත සීනි කර්මාන්තවලට ගන්නේ ගොවි ජනතාවගේ ඉඩම්. ඒ සඳහා සාධාරණය ඉටු කරන ලෙස අප දිගින් දිගටම ඉල්ලීම් කළා. සෙවණගල තමන්ගේ ග්‍රහණයට ගන්න එන එන ආණ්ඩු උත්සාහ කරනවා මිස සීනි කර්මාන්තය දියුණු කළේ නෑ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ වංචාවක් සිදුව ඇති බව පවසනවා. අපි පක්ෂයක් විදිහට ඉදිරියේදී මීට මැදිහත් වෙනවා. අපි කිසිදු ලෙසකින් නිහඬව නෑ. රටේ වංචාව, දූෂණයට එරෙහිව වැඩිපුරම කතා කළ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. අපි හොරු රකින්නේ නෑ. අප බලගතු වෙන හැම වෙලාවෙම ඔය හොරු එකට එකතු වෙනවා. හොරෙකුට දඬුවම් දෙන්න හොරුන්ට බැහැ.’’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...