ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේදී මුස්ලිම් ශිෂ්‍යයන් බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය වී තිබූ බව හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේදී ඊයේ (29 වැනිදා) පැවැසීය.
ඔහු කොමිසම හමුවේ කියා සිටියේ 2003 වසරේ සිට 2012 වසර දක්වා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේදී ප්‍රතිශතය ඉහළ ගොස් තිබූ බවය.2003 වර්ෂයේදී මුස්ලිම් සිසුන් නීති විද්‍යාලයට ඇතුළත් වී සිටියේ පස් දෙනකු බවත් 2012 වර්ෂයේදී එය හැත්තෑ අට දක්වා වැඩිවී තිබූ බවත්, එය සියයට 25 යි දශම 24 ක ප්‍රතිශතයක් ලෙස නිරීක්ෂණය වූ බවත් ඔහු කීවේය. කොමිසම විසින් ඊට හේතුව විමසීමේදී ඔහු කියා සිටියේ එය අධිකරණ අමාත්‍යාංශයේ ගැටලුවක් බවත්, මෙය රටේම ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව නිරීක්ෂණය වූ බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...