දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස නිවාස ඇමැතිවරයාව සිටියදී නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන් විශාල පිරිසක් රැවටීමට ලක්කළ බවට එම අධිකාරියේ රැකියා අහිමිවූවන්ගේ සංගමය පවසයි.

හිටපු නිවාස ඇමැතිවරයා තමන්ට රැකියා ලබාදෙන බව පවසා සිය දේශපාලන වුවමනාවන් ඉටු කරගන්නට උත්සාහ කළ බවද ඔවුහු මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළහ.

නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවූවන්ගේ සංගමයේ උප සභාපති මංගල සෙනෙවිරත්න මෙහිදී අදහස් දක්වමින්,

‘‘නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ 2081 දෙනෙකුට රැකියා අහිමි වුණා. සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික ලේකම්වරයාගේ නැගණියගේ පත්වීම පමණක් ස්ථිර කරනු ලැබුවා. ඇය හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවය කරනවා. රැකියා අහිමි වූවන්ට සිය දෙමාපියන්ගෙන් ජීවත්වෙන්න සිදුවෙලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස සම්පූර්ණයෙන්ම මේ සියල්ලටම වගකිව යුතුයි’’ යැයි පැවසීය.

මෙහිදී නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවූවන්ගේ සංගමයේ කැඳවුම්කරු ප්‍රදීප් රොෂාන් ජයවර්ධන මෙසේ පැවසීය. ‘‘මගේ පත්වීම ලබාදෙන්නේ 2017 වසරේ ජනවාරි මාසයේ 09 වැනිදා. අපි 263 දෙනකු සජිත් ප්‍රේමදාස ළඟට ගියා පත්වීම් ලිපි ගන්න. එතුමාගේ නිවසේ ඡායා පිටපත් යන්ත්‍රයෙන් ගත් කොළවල මුද්‍රණය කරලා පත්වීම් 263ක් දුන්නා. අපි ඒවා හරි භක්තියෙන් ගත්තේ. පත්වීම බලද්දී දෛනික දීමනාව ලෙස සඳහන් කර තිබුණේ රුපියල් 500ක් ලෙසයි. මාසයක දවස් තිහම වැඩ කළත්, රුපියල් දහ දොළොස් දහයි ලැබෙන්නේ. මගේ පදිංචිය අම්බලන්තොට. අමාත්‍යාංශයෙන් කතා කරලා කියනවා මගේ ලිපිනය වෙනස් කරන්නලු. නිවාස ඇමැති විදිහට ලංකාව පුරා රැකියා දෙනවා කියලා අපේ ලිපින වෙනස් කරලා පෙන්නන්න හැදුවා. එවකට හිටපු පොලිස්පතිවරයාට හිටපු ඇමැතිවරයා කීවේ මහින්ද රාජපක්ෂගේ කට්ටියට ගහන්න කට්ටිය ගේනව කියලයි’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More