සමඟි ජන බලවේගයෙන් මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54කගේ සහ පළාත් පාලන මන්ත්‍රීවරු 61 කගේ එජප පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව ඊයේ එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරන ලදී.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන තිබුණු අතර එලෙස එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 115 දෙනෙගේ නම් අනාවරණය වී තිබේ.
ඒ අනුව සුජීව සේනසිංහ,ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,රන්ජන් රාමනායක,අශෝක් අබේසිංහ,වඩිවේල් සුරේෂ්,අජිත් පී පෙරේරා,සිඩ්නි ජයරත්න,තුෂාර ඉඳුනිල්,නලින් බණ්ඩාර,ජෝර්ජ් පෙරේරා,නිරෝෂන් පාදුක්ක,රෝස් පෙරේරා යන හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නම් එජාපය විසින් අනාවරණය කර ඇත.
ඊයේ දින අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඊට අදාළ දැනුම් දීමේ ලිපි ඔවුන් වෙත නිකුත් කරන බවයි.
කෙසේවෙතත් එම 115 ලැයිස්තුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම නොමැති බව සඳහන්.
මෙම 115 දෙනාට අමතරව ඉදිරියේදී තවත් පිරිසකගේ එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවද කාරියවසම් මහතා පවසා තිබුණි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ මැතිවරණයට දින කිහිපයක් තිබියදී මෙම තහනම පනවන නමුත් එය සිදුකළ යුත්තේ නිසි විභාගයක් පවත්වා බවයි.
එමෙන්ම පළාත් පාලන නියෝජිතයින්ගේ මන්ත්‍රී ධූර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියි.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...