මුහුණු පොතෙන්

ඇපල් දොඩම් වගේ පළතුරු මිලදී ගන්නා අවස්ථා වලදී ඒ පළතුරු ගෙඩිමත කුඩා ප්‍රමාණයේ ස්ටිකර් අලවලා තියෙනවා ඔබ දැකලා ඇති. බොහෝ අවස්ථා වලදී ඒ ස්ටිකර් වල දීප්තිමත් ලාංඡන හැරුණු විට ඩිජිටල් PLU කේතයක් සහ විවිධ අංක කිහිපයක් ඇතුලත් වෙනවා. මෙමගින් පලතුරු නිෂ්පාදකයින් තමන්ගේ දැන්වීම් පළ කිරීමට උත්සහා කරනවා විතරක් නෙමෙයි ඔවුන් අපට වැදගත් පාරිභෝගික තොරතුරු ලබා දීමටද උත්සහා කරනවා. විශේෂයෙන්ම ඒ පළතුරු ආහාරයට ගැනීමට 100%ක් සෞඛ්‍ය ආරක්ෂිතද එහෙත්ම නැත්නම් ඒවා පළිබෝධනාශක යොදා හෝ ජාන විකෘති කිරීමකින් සාදන ලද පළතුරුද යන වග මේ කුඩා ස්ටිකරයේ තිබෙන තොරතුරු මඟින් පෙන්නුම් කෙරෙනවා. ඉතින් අපි අද කියන ඒ ස්ටිකර් රහස් නිසා මීට පස්සේ නම් ඔබට රැවටෙන්නේ නැතිව හොඳ පළතුරු තෝර ගන්න පුළුවන් වෙයි.

  • අංක 3 හෝ 4 සමඟ ආරම්භ වන ඉලක්කම් හතරක කේතයක්

Do You Know The Meaning Of Fruit Stickers? They Can Hugely Affect ...

ස්ටිකරයේ අංක හතරක් පමණක් තිබේ නම්, එයින් අදහස් කරන්නේ එම පළතුරු (හෝ එළවළු) නවීන කෘෂි විද්‍යාත්මක ශිල්පීය ක්‍රම මඟින් නිපදවන ලද බවයි. ඒ වගේම ඒවා නිෂ්පාදනය කිරීමේදී බහුල පොහොර හා පළිබෝධනාශක ද භාවිතා කරනු ලබනවා.

  • අංක 8 න් ආරම්භ වන ඉලක්කම් පහක කේතයක්

Learn the meaning of stickers on fruits. | Health and beauty NO1

මෙවැනි ආකාරයේ කේතයක් මඟින් එම පලතුර ජානමය වශයෙන් වෙනස් කරන ලද පලතුරු වර්ග බව පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙන අතර දිගින් දිගටම බොහෝ ආන්දෝලනයට තුඩු දෙන GMO ආහාර යනුවෙන් හඳුන්වන්නේ මෙවැනි ආහාරයි.

  • අංක 9 න් ආරම්භ වන ඉලක්කම් පහක කේතයක්

I Was Shocked When I Discovered the Meaning of Fruit Stickers. I ...

ඔබ මේ ආකාරයේ කේතයක් දුටුවහොත් එයින් අදහස් වන්නේ මේ පලතුර අපේ මුතුන් මිත්තන්ගේ පැරණි ගොවිතැන් ක්‍රම භාවිතා කරමින් වගාකර ඇති බවයි. කිසිඳු රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකර කාබනික පොහොර යොදාගෙන නිෂ්පාදනය කරන ලද මේ පලතුරු 100% ක් සෞඛ්‍ය ආරක්ෂිතයි.

  • පළතුරට PLU කේතයක් නොමැති නම්

Orlando woman has collected more than 21,000 banana labels | Blogs

බොහෝ අය ස්ටිකර් පළතුරු සොයා ගැනීමට උත්සහා කරන නමුත් එය සැබැවින්ම භයානක දෙයක් වෙන්න පුළුවන්. මොකද පිටරටින් ආනයනය කරන පලතුරු සෑම විටම මේ ආකාරයෙන් ලේබල් කළ යුතුය. ලේබලයක් නොමැති නම්, පාරිභෝගිකයෙකු ලෙස ඔබේ වාසියට හේතු නෙවෙන යම් නිෂ්චිත හේතුවක් නිසා ඉවත් කර තිබෙනවා වෙන්න පුළුවන්. ඒනිසා ස්ටිකර් නොමැති පළතුරු මිලදී ගැනීමෙන් වඩාත් ප්‍රවේශම් විය යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More