මුහුණු පොතෙන්

අද ලෝකයේ විශ්ව ගම්මානයක්, ඔබ මේ විශ්ව ගම්මානයේ සැරිසරන පුද්ගලයෙකු විය හැකියි. මේ යන එන ගමනකදී ඔබට දකින්නට ලැබෙන විදේශ ගමන් බලපත්‍ර වර්ණ පරාස හතරක අයත් බැව් දන්නවාද..?

  • රතු වර්ණය

Russia Falls in 2020 World Passport Ranking - The Moscow Times

රතු වර්ණය ඉතාම සුලබ ලෙස විදේශ ගමන් බලපත්‍ර පිටකවරය වෙනුවෙන් යොදා ගන්නවා. රතු රටවල් ගැන කී සැනින්ම ඔබේ සිහියට නැගෙන්නේ ඉතිහාසයේදී හෝ වර්තමානයේදී කොමිනියුස්ට් පාලනයක් ඇති රටවල් විය හැකියි. ඔබේ සිතුවිල්ල සාධාරණයි. ස්ලෝවේනියාව, චීනය, සර්බියාව, රුසියාව, ලැට්වියාව, රුමේනියාව, පෝලන්තය සහ ජෝර්ජියාව වැනි රටවල පුරවැසියන් වෙනුවෙන් ඇත්තේ රතු පැහැයේ පිටකවරය සහිත විදේශ ගුවන් බලපත්‍රයක්.

යුරෝපා සංගමයට අයත් රටවල් භාවිතා කරන්නේ රතු වර්ණයේම වුනත් මුලින් කී රටවල් විසින් භාවිතා කරන බලපත්‍රයේ රතු පැහැයට වඩා යුරෝපා සංගමයේ රටවල්වල ගුවන් බලපත්‍රය ටිකක් වෙනස් වු රතු පැහැයකින් යුක්තයි. සමහර රටවල්වල බර්ගන්ඩි රතු පැහැය හෙවත් ( burgundy ) ප්‍රංශ වයින් පැහැයකට හුරුය. නමුත් ක්‍රොෙය්ෂියාවේ ගුවන් බලපත්‍රය මේ වෙනස් රතු පැහැයට අයත් නැහැ. තුර්කිය, මැසිඩෝනියාව සහ ඇල්බේනියාව වැනි රටවල් යුරෝපා සංගමයට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටි නිසා ඔවුන් කල් තබාම තම රටේ නිකුත් කරන විදේශ ගුවන් බලපත්‍රයේ වර්ණය රතු පැහැයට වෙනස් කරනු ලැබුවා. ” ජාතීන්ගේ ඇන්ඩියන් ප්‍රජා සමූහය ” ට අයත්ව ඇති බොලිවියාව, කොලොම්බියාව, ඉක්වදෝරය සහ පේරු රාජ්‍යයේ විදේශ ගුවන් බලපත්‍රය බර්ගන්ඩි රතු හෙවත් ප්‍රංශ වයින් පැහැයෙන් යුක්තයි.

  • නිල් වර්ණය

Brazil allows new passports to be issued after freeze - CGTN

ලෝකයේ භාවිතා කරන වර්ණ අතරින් දෙවැනියට වැඩියෙන්ම භාවිතා වෙන්නේ නිල් වර්ණයේ පිටකවරය ඇති ගුවන් බලපත්‍රයි. මෙහිදී ” නිල් ” යනුවෙන් සංකේතවත් වන්නේ ” අලුත් ලෝකය ” යන සංකල්පයයි. කැරිබියානු රටවල්වලදී නිල් පැහැය යොදා ගෙන තිබෙනවා. දකුණු ඇමරිකාවත් නිල් පැහැයේ පිටකවරයකින් යුක්ත විදේශ ගමන් බලපත්‍ර භාවිතා කරන රාජ්‍යයක් වන අතර එයින් සංකේතවත් වන්නේ Mercosur වෙළඳ සංගමය සමඟ පවත්නා සම්බන්ධතාවයයි. මේ සංගමයට බ්‍රසීලය, ආර්ජන්ටිනාව සහ පැරගුවේ න රටවල්ද ඇතුලත්. මෙතැනදී වෙනිසුලාව යම් වෙනසක් ගොඩ නගා ගෙන තිබෙනවා. වෙනිසුලාවත් ” මර්කෝසුර් ” වෙළඳ සංගමයට අයත් වුනත් ඒ රටේ පුරවැසියන් භාවිතා කරන්නේ රතු වර්ණයේ පිටකවරයක් ඇති විදේශ ගමන් බලපත්‍රයි. 1976 වසරේදී පමණ එක්සත් ජනපදය විසින් එරට පුරවැසියන් වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රයේ පිටකවරය නිල් පැහැයෙන් වෙනස් කර තිබෙනවා.

  • කොළ වර්ණය

Balochistan authorities arrest 7 Iranians travelling on phony ...

කොළ කියන්නේ සොබාදහමේ සහ ජිවයේ වර්ණයයි. මුස්ලිම් ජාතිකයින් කොළ වර්ණය බහුලව භාවිතා කරනවා. මුහම්මද් නබිතුමාගේ ප්‍රියතම වර්ණය විදිහටත් සැලකුණේ කොළ පැහැයයි. ඒ නිසාමදෝ මුස්ලිම් ජාතිකයින් විදේශ ගමන් බලපත්‍රයේ පිටකවරයට කොළ පැහැය යොදා ගෙන තිබේ. උදාහරණ විදිහට මොරොක්කොව, සෞදි අරාබිය සහ පාකිස්ථානය වැනි රටවලින් නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර කොළ පැහැයෙන් නිකුත් කරනවා. ඒ වගේම බටහිර අප්‍රිකානු රටවල් කිහිපයක්ද ඔවුන්ගේ පුරවැසියන් වෙත කොළ පැහැයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. බුර්කිනා ෆාසෝ, නයිජීරියාව, නයිජර්, අයිවරි කෝස්ට් සහ සෙනෙගල් වැනි රටවල් විසින් විවිධ කොළ පැහැයේ සේයාවක් ඇත. සංචාරක ලේඛන නිකුත් කරන්නේ ඔවුන් ECOWAS ( Economic Community of West African States ) හෙවත් බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාවට අයත් බැව් සන්නිවේදනය කිරීමටයි.

  • කළු වර්ණය

10-year passport law passes - NZ Herald

කලු කිව්වාම අපට ඒ තරම් මනස්කාන්ත වර්ණයක් ගැන සිතුවිල්ලක් ඇති නොවුනත් ” කළු ” නවසීලන්තයේ ජාතික වර්ණයයි. ඒ නිසාම නවසීලන්තයේ විදේශ ගමන් බලපත්‍රයත් කළු වර්ණයේ පිටකවරයකින් යුක්තයි. කළු වර්ණයේ විදේහ ගමන් බලපත්‍ර සාමාන්‍යෙයන් විරලයි. බොට්ස්වානා, සැම්බියාව, බුරුන්ඩි, ගැබොන්, ඇන්ගෝලා, චැඩ්, කොංගෝ, මලාවි සහ තවත් අප්‍රිකානු රටවල පුරවැසියන් අත නම් කළු වර්ණයේ පිටකවරයක් සහිත විදේශ ගමන් බලපත්‍ර ගැවසෙනවා.

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More