කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පද්ගලයෙකුට දෙවැනි වරට සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය දා හඳුනා ගෙන ඇත.
ඒ අනුව එම නිලධාරියා ඇසුරු කළ හිඟුරාණ, මුවන්ගොල ග්‍රාම 08 ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් ඊයේ දිනයේ සිට නිරෝධායනය කිරිමට පියවර ගත් බව දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රසාත් විජෙලත් සඳහන් කරයි.
එම පිරිසට අද දිනයේදී PCR පරීක්ෂණ සිදුකිරිමට බලාපොරොත්තු වනා බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වුවත් එම ප්‍රදේශයේ මේ දක්වා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයෙකු වාර්තාවී නොමැති බවත් ඒ හේතුවෙන් මුවන්ගල ප්‍රදේශයේ හුදෙකලා කිරීමක් සිදුනොකරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් හිඟුරාණ නගරයේ දෙවැනි පාලම සහ ගල්මඩුව දක්වා ප්‍රදේශවල අමතර පංති පැවැත්වීම, දේශපාලන රැස්වීම් පැවැත්වීම සහ වෙනත් උත්සව සහ සති පොළ යනාදිය පැවැත්වීම නතර කිරිමට සෞඛ්‍ය අංශ විසින් ජනතාවට උපදෙස් ලබාදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...