දේශීය පුවත්

දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ලක්ෂ 15කට අධික පිරිසක් රාජ්‍ය සේවයේ සිටිති. එහෙත් සේවා ඉටුකර ගැනීමේදී ජනතාවට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබදව  දෛනිකව තොරතුරු වාර්තා වේ.

අල්ලස, දුෂණය සහ අක්‍රමිකතා නවතා ජනතාව වෙනුවෙන් කැපවූ රාජ්‍ය සේවයක් ඇති කරන බව ජනාධිපතිතුමා කියා සිටීයේය.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (29) කළුතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතවෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

අපේක්ෂක මහින්ද සමරසිංහ මහතා පානදුර, කෙසෙල්වත්ත ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට එක් වෙමින් ජනාධිපතිතුමාගේ කළුතර දිස්ත්‍රික් චාරිකාව ඇරඹිණ.

ආනයනික වෙළෙඳ ක්‍රමය වෙනුවට මෙරට නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දුන් ආර්ථික ක්‍රියාවලියකට රජය මුල පුරා ඇත. කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණව ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස රැස්ව සිටී ජනතාව සමග ජනාධිපතිතුමා පැවසීය.

නවීන තාක්ෂණය මුසුකර ගොවි ආර්ථිකය ශක්තිමත් කළයුතුව ඇත.  ඒ සඳහා කෘෂි භෝග ආනයනය නවතා අස්වැන්නට ඉහළ මිලක් දීමට රජය පියවර ගෙන තිබේ. උපාධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් රැකියා එක්ලක්ෂ පනස්දහසක් දීම මැතිවරණයෙන් පසුව සිදු කෙරේ. මේ සියලු අවස්ථා රටේ ආර්ථික සංවර්ධනයට ඉවහල්වනු ඇතැයි ජනාධිපතිතුමා ජනතාව සමග කීය.

අපේක්ෂක ජගත් අංගගේ මහතා පානදුර නගර සභා පිටියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කතා බහක නිරත වෙමින් දිස්ත්‍රික්කයේ අඩු පාඩු සොයා බැලීය.

කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පවතින පානීය ජල ප්‍රශ්නයට විසඳුම් දෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පානදුර කොරොස්දූව ක්‍රිඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ  ජනාධිපතිතුමා පැවසීය. පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය නිසා 2021 වසරේ අ.පො.ස උසස් පොළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉගෙනුමට ද බාධා එල්ල විණි. ඒ පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස හමුවට එක්ව සිටී සිසුහු  පිරිසක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

කළුතර හෙද විදුහල අළුත්වැඩියා කිරීම පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිතුමා  පානදුර මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියාව සම්බන්ධයෙන් කළ ඉල්ලීම ඉටුකිරීම ජයන්ත සමරවීර මහතාට භාර දුන්නේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More