දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහගෙන් පසු සියලු ජාතීන් එක්සත්ව ගොඩනැගූ හැම ජාතියකටම එක හා සමානව සලකන ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ශ්‍රී ලාංකේය එකමුතුවට නායකත්වය ලබා දෙන්නේ තමන් බව හිටපු අමාත්‍ය දයා ගමගේ පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ දී පැවති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ රැළියකට එක්වෙමිනි.

“එක එක අය එක එක තැන්වල නායකත්වය ගැන තම තමන්ගේ බලාපොරොත්තු ගැන අදහස් පළ කරනවා. හැබැයි ඒ හැමෝම අමතක කරන එක දෙයක් තියෙනවා. මේ පක්ෂෙ අමාරුවෙ වැටුණ හැම වෙලාවකම තාත්තෙක් වගේ පක්ෂයත් පාක්ෂිකයාත් බලාගන්න, පක්ෂය වෙනුවෙන් ජීවිතේ හරි හම්බ කරපු සේසතම වියදම් කරවපු, අමාරුවෙන් ගොඩනගපු ආයතන පවා අහිමිකර ගනිපු, හොරකමකට දුෂණයකට චෝදනාවක්වත් ගෑවිලා නැති සිංහල බෞද්ධ නායකයෙක් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විදියට ඉන්නවා.

මට නායකත්වයට තරඟ කරන්නවත් පෙරළි කරන්නවත් දෙයක් නෑ. රනිල් වික්‍රමසිංහගෙන් පස්සෙ සියලු ජාතීන් එක්සත්ව ගොඩනැගූ හැම ජාතියකටම එක හා සමානව සලකන ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ශ්‍රී ලාංකේය එකමුතුවට නායකත්වය දෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි, මේ දයා ගමගේ කියල මම සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින්ට සතුටින් හෙළිදරව් කරන්න කැමතියි.” යන්න ඔහු එහි දී කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමතිවරයා කියා සිටියේ, ”මැතිවරණ සමයේ මටත් කොළඹ දිස්ත්‍රික්කය පුරා එක්සත් ජාතික පාක්ෂිකයින් හමුවෙනවා. ඔවුන් මගෙන් ඉල්ලීම් කරනව මේ පක්ෂයේ වගකීම භාරගන්න ඉදිරිපත් වෙන්න කියල. මේ පක්ෂෙ දුර්වල අදූරදර්ශී නායකයෙක් අතට පත්වීම වළක්වන්න කියල. ඒ වගේම මේ වෙලාවෙ එක්සත් ජාතික පාක්ෂිකයින්ට තියෙන එකම අවශ්‍යතාවය තමයි රනිල් වික්‍රමසිංහගෙන් පස්සෙ මේ පක්ෂය දුෂණයෙන්, වංචාවෙන් තොර සැබෑ සිංහල බෞද්ධයෙක් අතට මේ පක්ෂයේ වගකීම යන එක දකින එක.” බවත් ඔහු මෙහිදී අවධාරණය කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More