පුරවැසි කොලම

එම්සීසී ගිවිසුමට අදාල කමිටුවේ සභාපතිව සිටීමත්, ඊට අදාල වාර්තාව සකස් කිරීමත් යන “බරපතල වරද” සිදුකිරීම වෙනුවෙන් ලලිතසිරි ගුණරුවන් නිර්දය ප්‍රහාරයට ලක්වෙමින් සිටී. අසනීපය හඳුනාගත් වෛද්‍යවරයාට පහර දීම වැනි වූ මේ ප්‍රහාරයෙන් සිදුවන්නේ ලෙඩා මිය යාම මිස වෙනත් සාධනීය යමක් නොවන බව පැහැදිලිව තිබියදී මෙලෙස ප්‍රහාරයන් එල්ල කරන්නේ ම අසනීපයේ හෙවත් වෛරසයේ උවමනාවට බව හොඳින් ම පැහැදිලි වේ. අසනීපය හඳුනාගැනීමෙන් නොනැවතී අසනීපය සුවකර ගැනීමට ඉවහල් වන වෛද්‍ය උපදෙස් ද ලබාදී ඇති තත්වයක් යටතේ අසනීපය ගැන හෝ එහි අනිටු ඵල විපාක ගැන හෝ අසනීපය හැදීමට හේතු වුනු අවකල්ක්‍රියාවන් ගැන හෝ නොවිමසා මේ කරන “දොස්තරට තඩි බෑම” කිසිසේත් ස්ත්‍රී හෝ පුරුෂ යන දෙපාර්ශ්වයෙන් එකකටවත් අයත් වන්නකු විසින් කරනු ලබන්නක් නම් විය නොහැකිය.

“ගුණරුවන් වාර්තාවේ ඇතුළත් දුස් තොරතුරු 6ක්” මැයෙන් නිර්ණාමිකවත්, අඥාතවත් (හෙවත් අවජාතකවත්) දක්වා ඇති කරුණු සහ පැහැදිලිකිරීම් කියවීමේදී, එම්සීසී ගිවිසුමේ ජාතක පියා වන්නේ ඒ නිර්ණාමික පන්ඩිතයන් වහන්සේ ද යන සැකය පවා ඉස්මතුවේ. ඔහු පිළිතුරු දෙන්නේ “ගුණරුවන් කිවුවේ යයි” ඔහුම ඉස්මතු කරන කරුණු වලට මිස සැබෑවටම ගුණරුවන් කියා ඇති කරුණු සම්බන්ධයෙන් වත් නොවේ. මේ පණ්ඩිතයන් වහන්සේ අඩු තරමින් ගුණරුවන් කමිටු වාර්තාවේ පෙරවදනවත් එළඹ සිටි සිහියෙන් යුතුව කියවා නොමැති බව පමණක් ඔහුගේ මේ පල් හෑල්ලෙන් සනාථ වේ.

මේ “බකපණ්ඩිතරුවන්ට” අනුව “එම්සීසී වැඩසටහන යටතේ පසුගිය රජයට හෝ මේ රජයට ඩොලර් මිලියන 10ක මුදලක් ගෙවා ඇතැයි ගුණරුවන් කියයි. නමුත් එසේ නොමැත. ඒ අනුව ගුණරුවන් වැරදි ය.” මේ පූරුවේ කරුමක්කාරයාට අකුරු කියවීමේ හැකියාව නිසි පරිද්දෙන් පිහිටා නොමැති හේතුවෙන්දෝ මෙවැනි යමක් දැක ඇති නමුත් ගුණරුවන් එසේ කියා නොමැත. ගුණරුවන් නොකියූ දෙයකට උඩපැනං පිළිතුරු දෙන මේ බකපණ්ඩිතරුවන්ගේ 2 සිට 6 දක්වා වන අනෙක් චෝදනා ද – ඒවාට ඔහුගේ පැහැදිලිකිරීම් ද ඒ ආකාරයේම “ගජබින්නාලංකාරයේ ශෝදුපත් නොකියවූ පිටපතක්” වැනි යමක් විනා අන් වටිනාකමක් ඇති යමක් නොවේ.  මේ පෙන්වන්නේ ගුණරුවන්ටත් වාර්තාවටත් ඇති බයයි. සිංහ සෙයියාවෙන් ඇඟට පනින්ට තැතනුවද මේ දැනෙන්නේ දෙපරැන්ද පල්ලෙන් මුත්‍රා ගලායන ගඳයි.

නූතන එක්නැලිගොඩයලා ලවා ගුණරුවන්ට පහර දෙමින් මේ උත්සාහ කරන්නේ වෛරසය පැතිරවීමට සුදුසු පරිසරය සකසා ගැනීමට බව තේරුම් ගත යුතුය. සුනාමියක් එද්දී කඩදාසි බෝට්ටු පදින්නට සූදානම් වනවා සේ ආතල් ගන්නට මේ අවස්ථාව නොවේ. දේශපාලන කණ්නාඩියෙන් මේ වාර්තාව කියවා මහින්ද සමග හෝ ගෝටා සමග ඇති දේශපාලන ඇරියස් මේ වාර්තාව පිටින් ඇරීම ද සිහිබුද්ධිය ඇති විකල්පයක් නොවේ. මේ කුලියට ලියා බූස්ට් කරන ලද පෝස්ට් පළකරන්නාගේ සරු ශුක්‍රාණු, මුත්‍රා සමග පිටවී වාෂ්ප වී යනු ඇතිවා මිස දරුවෙකු බිහිකිරීමට නම් දායක නොවනු ඇත. මන්ද යත් ඔහුට ජාතකව හෝ ඇගේ කුසින් හෝ බිහිවන දරුවෙකුට හුස්ම ගැනීමට ඇති අයිතියද ඔහු/ඇය විසින් ම මේ මොහොතේ අහිමි කරමින් සිටින බැවිනි.

 

එම්සීසියට කහිනා – මව නැති පුත්තු

අත මිණි බැඳ පය මිණි බැඳ ජයගත්තු

එම්බසියෙනුත් හොද කරුණා ලැබගත්තු

පනුවන් ගසා කුණුවෙති මේ වැනි පුත්තු!

-කපිල ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More