හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් අයථා ලෙස උපයාගත් බවට පවසන මුදල් පාස්කු ප්‍රහාරය මෙහෙයුවූ සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන්ට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
දෙමටගොඩ තඹ කර්මාන්ත ශාලාවට අදාළව සිදුකළ විමර්ශනවලට අදාලව මෙම තොරතුරු ලැබී ඇති බවද ඔහු පැවසීය. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ පාස්කු ප්‍රහාරයට අදාළව බවද ඔහු ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් ඊයේ දිනියේදී අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව රිෂාඩ් බදියුදීන් සදහන් කළේ තමන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොමැති බවට වැඩබලන පොලිස්පතිවරයා තමන්ට ලිපියක්ද යොමුකර ඇති බවයි.
මෙයට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ 2019දී නිකුත් කළ එම ලිපියෙන් සදහන් කර ඇත්තේ එතෙක් ඔහු එම ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ලැබී නොමැති බව යැයිස පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...