දේශීය පුවත්

පී.එච්.අයි. සටන නවතී

July 29, 2020 4:08 am | Lanka Lead News

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (29 වැනිදා) සිට අත්හිටුවීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය බලධාරීන් සමග අරලියගහ මන්දිරයේ ඊයේ (28 වැනිදා) පැවැති සාකච්ඡාවේදී පැමිණි එකඟතාවයන්ට අනුව මෙම තීරණය ගත් බවයි.

1897 නිරෝධායන පනතේ ගැටලු කාලීනව වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවට සංශෝධන ගෙන ඒමට අගමැතිවරයාගේ අවධානය යොමු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එම සාකච්ඡාවෙන් පසු අදහස් දක්වමින් කියා සිටියේය.

නිරෝධායන පනතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලතල ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බවත් නඩු කටයුත්තකට යාමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා සිදුකිරීමටත් ඔවුන් අතර යම් පරස්පරතාවක් ඇතිවුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් උපදෙස් ලබා ගැනීමටද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර අතරමැදි කණ්ඩායමක් ලෙස රාජකාරි කටයුතු කිරීම පිළිබඳව එකඟතාවක් ඇතිවූ බවයි.

පවතින නීති රාමුවලට යටත්ව කොවිඩ් පාලනය සහ මැතිවරණ කටයුතු සිදුකිරීමට දෙපාර්ශ්වයන් අතර පැවැති අනවබෝධය තුරන් කිරීමටද මෙහිදී හැකියාව ලැබුණු බව ඔහු සඳහන් කළේය. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පැමිණ මෙහිදී නීතිමය කරුණු පිළිබඳව පැහැදිලි කර ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More