දේශීය පුවත්

විදෙස්ගතව සිට මෙරටට පැමිණි කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ස්වයං නිරෝධායනය සදහා යොමුකර සිටියදී,සිය ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට  පැමිණි අවස්ථාවේ බුද්ධි අංශ නිළධාරීන් විසින් යලි කොස්ගොඩ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත.

ඔස්ට්‍රේලියාවේ සිට ඉකුත් 10 වැනිදා මෙරටට පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

කොවිඩ් වෛරසය ආසාදනය වී තිබූ ඔවුන් දෙදෙනා රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථායට යොමු කෙරුනු අතර,ඉකුත් 24 වැනිදා නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ස්වයං නිරෝධායනය සදහා ඔවුන් කිලිනොච්චියේ නිවාස වලට යොමු කෙරිනි.

මෙම පුද්ගලයින් දෙදෙනා සිය ගුවන් ගමන් බලපත් සකස් කර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.මේ පිළිබදව බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරු මත යලි නිරෝධායනය සදහා ඔවුන් යොමු කෙරිනි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More