කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පසුගියදා පැවති රහස් සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස හිටපු ඇමති බැසිල් රාජපක්ෂගේ ජීවිතය පවා අනතුරට පත්විය හැකි බැවින් වහාම ඔහුගේ ආරක්ෂාව තරකළ යුතු බව රුහුණු රට භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති.
හිටපු තානාපතිවරයකු වන දයාන් ජයතිලකගේ මෙහෙයවීමෙන් ඇමරිකානුවන් දෙදෙනෙක් ඇතුළු හිටපු ඇමති පාඨලී චම්පික රණවක සහ හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවති බව උන්වහන්සේ පෙන්වා දුන්හ. මෙම සාකච්ඡාව වෙනුවෙන් ලක්ෂ 50 ක් වියදම් කර ඇති බව පවසන කසස්ප හිමියෝ මේ එකතුවේ අරමුණ ආණ්ඩුව බලයට පත් වහාම කඩාකප්පල් කිරීම බවත් ඊට ප්‍රධානම බාධකය වන බැසිල් රාජපක්ෂ සිය මාර්ගයෙන් ඉවත් කිරීම බවත් උන්වහන්සේ කීහ.
කස්ස්ප හිමියෝ මෙම අදහස් කළ කළේ (28) බොරැල්ල එන්. එම් පෙරේරා කේන්ද්‍රෙය්දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ.
මේ සම්බන්ධව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. යහපාලන ආණ්ඩුව රටේ කෑලි කෑලි පිටරටවල්වලට දුන්නා. බුදධි අංශය අකර්මන්‍ය කරා. මේ එකතු වුණ පිරිස දැක්කම පේනවා හොඳ දෙයක් වෙන්නේ නැති බව. අපි ජනාධිපති තුමා බලයට ගෙනාවේ අපේ රටේ ස්වාධීනත්වය රැකගැනීමට. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරයාගේ බලතලවලට ප්‍රබල බලපෑමක් කරලා තියෙනවා. රට කරවන්න නම් වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලය අවශ්‍යයි.
බැසිල් රාජපක්ෂ මේ රටේ සංවර්ධනයේ නියමුවා ලෙස කටයුතු කළා. නමුත් යහපාලන ආණ්ඩුව බලයට ආවම් ඔහුට දස වද දුන්නා. මොන බාධක ආවත් ඔහු මෙවර පාර්ලිමේන්තු යායුතුයි. පාර්ලිමේන්තුවේ යම් රික්තයක් ඇති වුනොත් එය පුරවන්න බැසිල් හැර වෙන කෙනෙක් නෑ. ඒ නිසා ආණ්ඩුව ටාජ් හෝටලේ කුමන්ත්‍රණය ගැන පරීක්ෂා කර ඔහුව ආරක්ෂා කරගත යුතුමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...