2016 සිට 2019 දක්වා ඇමතිවරුන් දෙදෙනකු යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රු. මිලියන 11,059ක් අවභාවිතා කොට ඇති බවට ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුව විසින් වාර්තාවක් අගමැතිවරයාට බාර දී ඇත.
ඊට අමතරව මීට පෙර තනතුරු නොමැතිව දේශපාලන උවමනාව මත රැකියාවලට බඳවාගන්නා ලද එක්සත්ජාතික පාක්ෂිකයන්ගේ වැටුප් ගෙවීම සඳහා පමණක් වසරකට රු. මිලියන 7,000ක් වැය වන බව හෙළිවිය.
අවභාවිත කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 11,059 ක් බව එම කමිටුව අනාවරණය කර ගෙන තිබේ.
– නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොළිය ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608 ක්
– නීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක්
– සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48 ක්
– පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 2266 ක්
– අපේ ගම ව්‍යාපෘතියේ දේපල පැවරීමේදී සිදු වූ අලාභය රුපියල් මිලියන 8ක්
– විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදුන් රුපියල් මිලියන 2316 ක්
– බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060 ක්
සිදු වී ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...