දේශීය පුවත්

එළඹෙන මහ මැතිවරණයෙන් පසු පිහිටුවනු ලබන නව රජයේ කැබිනට් මණ්ඩලයේ පරිසර ඇමති ධුරය උදය ගම්මන්පිල මහතාට ලබා දෙන ලෙස සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එවිට පරිසරය වෙනුවෙන් සටනකින් තොරව ඔහු සමඟ කටයුතු කළ හැකි බවද උන්වහන්සේ සඳහන් කරයි.

පරිසරය සම්බන්ධයෙන් වූ කටයුතු වලදී දේශපාලනයට එහා ගිය දායකත්වයක් හා කැප කිරීමක් ගම්මන්පිල මහතා පසුගිය කාලයේ දැක්වූ බව පෙන්වා දෙන උන්වහන්සේ විල්පත්තු වන සංහාරය එරෙහිව ගම්මන්පිල මහතා ඉතා වටිනා දායකත්වයක් දැක්වූ බවද සඳහන් කරයි.

පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මෙම අදහස් පල කලේ “හරිත හෙටක් – මනාපයට පැලයක්” ප්‍රතිඥාව පරිසරවේදීන් වෙත ලබා දීමේ වැඩසටහන හා එක්වෙමිනි.

උන්වහන්සේ මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපේ ජනබල පක්ෂයෙන් තරග වදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More