මෙවර මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් අන්තවාදී දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“දෙරණ 360“ වැඩසටහනට ඊයේ (27) එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය ආණ්ඩුව විසින් තුනෙන් දෙකේ බලය සකස් කර ගත්තේ ඇතැම් දේශපාලන පක්ෂ “හයර්එකට“ ගෙන බව ඒ මහතා සඳහන් කළේය.
“සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන කරුණක් වන්නේ ජනතා කේන්ද්‍රය ව්‍යවස්ථාවක් ගොඩ නැගීම බවත් ඒ සඳහා ජාතිකවාදී දේශපාලන පක්ෂ සහ වමේ දේශපාල පක්ෂ ඒකරාශී කර ගනිමින් ජනතා අදහස් ලබා ගන්නා බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
තුනෙන් දෙකේ බලය සහතිකයි – නාමල්
තුනෙන් දෙකේ බලය සහතිකයි – නාමල්
Gepostet von Ada Derana Sinhala am Montag, 27. Juli 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...