පුරවැසි කොලම

කොරෝනා පිළිබඳව උතුරේ වැසියන් තුළ වූ බිය කෙමෙන් කෙමෙන් පහව යද්දී ඩෙංගු වසංගතය යළිත් උතුරේ තැනින් තැන හිස ඔසවන්නට පටන් ගෙන තිබේ.

මේ වන විට වවුනියාවෙන් පමණක් ඩෙංගු රෝගීන් හත් දෙනකු හමු වී ඔවුන්ට ප‍්‍රතිකාර කෙරෙන අතරවාරයේ පළාතේ ඩෙංගු උවදුර පාලනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

දිවයිනේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දියත් කොට ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය මෙම ඩෙංගු වසංගතය මැඬ පැවැත්වීම කෙරෙහි බලපා ඇතත් උතුරු පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත උතුරේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ඩෙංගු මර්දන කටයුතු සඳහා ලැබී තිබේ.

සාමාන්‍යයෙන් උතුරු පළාතට ඩෙංගු වසංගතය පැමිණෙන්නේ වර්ෂා කාලයේදී වුවත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දිනවල උතුරේ බොහෝ පළාත්වලට වර්ෂාව ලැබෙන නිසා ඒ වර්ෂාවත් සමගම ඩෙංගු රෝගයද හිස ඔසවා තිබේ.

අයහපත්  කාලගුණයේ හානි

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විනාශයන් සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. ඉඳහිට හෝ අසන්නට ලැබෙන්නේ වැවක ජලය වැඩි වී එම වැවේ වැව් කණ්ඩිය කඩාගෙන ගොස් ජලයට මිනිසුන්ගේ ගේ දොර යටවීම පමණකි.

නමුත් මහා නියං සමයක උතුරට බලපාන ලද අයහපත් කාලගුණය හේතුවෙන් මෙවර මරණයක්ද වාර්තා විය. දින දෙකක් තිස්සේ වවුනියාව දිස්ත‍්‍රික්කයට බලපාන ලද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එක් මරණයක් හා තුවාලකරුවන් දෙදෙනකු වාර්තා වී ඇති අතර නිවාස 23 කට අලාභ හානි සිදුව තිබේ.

වවුනියාව කනගරායන්කුලම ප‍්‍රදේශයේදී අධික සුළඟට කොහොඹ අත්තක් කඩාගෙන වැටීම නිසා වයස අවුරුදු එකහමාරක දැරියක මිය ගිය අතර එම සිද්ධියෙන්ම තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ.

වවුනියාව දිස්ත‍්‍රික්කයේ නිවාස 16 ක් සුළඟට හා වැස්සට හසුවී සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව සඳහන් කරන වවුනියාව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවත් නිවාස 7 කට සුළු අලාභ හානි සිදු වූ බවද සඳහන් කරයි.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා වවුනියාව දිස්ත‍්‍රික්කයේ පවුල් 21 කට අයත් පුද්ගලයන් 69 දෙනකු පීඩාවට පත්ව සිටින බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ වවුනියාව නෙඩුන්කේණී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශය තුළදී බවද සඳහන් කරයි.

උතුරේ දේශපාලනයේ ගුටි කෙළි

දෙමළ ජාතික සන්ධානය උතුරේ දෙමළ ජනතාවගේ එකම ගැලවුම්කරු බව මීට ඉහතදී ප‍්‍රකාශ වුවත් මේ තත්ත්වය දැන් දැන් බොහෝ වෙනස් වෙමින් පවතී. දෙමළ ජාතික සන්ධානය විවේචනය කරමින් ඔවුන්ට එරෙහිව යන කණ්ඩායම් දිනෙන් දිනම වැඩිවන්නට පටන් ගෙන තිබේ.

මේ පිරිස් කවුරුන් හෝ වේවා දෙමළ ජාතික සන්ධානයට රැුස්වීමක් පවා තැබීමට නොහැකිව එම රැුස්වීම්වලට පහර දෙන පිරිස් දැන් උතුරේ බිහිවෙමින් සිටිති.

දෙමළ ජාතික සන්ධානය විසින් යාපනයේදී සංවිධානය කොට තිබූ මහජන රැුලියකට 24 දා රාත‍්‍රී බෝතල්වලින් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයෙන් යාපනය දිස්ත‍්‍රික්කයට තරග කරන එමානුවල් ආනෝල්ඞ් මහතා විසින් යාපනයේ සුළිපුරම් කල්වියන් ගම්මානයේ සංවිධානය කළ රැුස්වීමක ඔහු මහජනතාව අමතමින් සිටියදී එක්වරම කිසියම් පිරිසක් විසින් බෝතල්වලින් ප‍්‍රහාරයක් එල්ල කොට පලා ගොස් තිබේ. මෙම ප‍්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදු වී නැතත්

රැුස්වීමට පැමිණ සිටි ජනතාව බියට පත්ව පලාගොස් තිබේ. පසුව ආනෝල්ඞ් මහතාද ඉතා ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කොට තිබේ.

මේ පහර දුන් පිරිස කවුරුන්දැයි මෙතෙක් හෙළි වී නොමැති අතර ඔවුන් සොයා ගැනීමට පවා නොහැකි වී ඇත්තේ ඒ තරමටම දෙමළ ජාතික සන්ධානයට එරෙහිව යන්නන් වැඩි වී සිටීම නිසාය.

ටී. එන්. ඒ. එකත් සටනේ

දෙමළ ජාතික සන්ධානයට කොතරම් විරුද්ධවාදීන් සිටින නමුත් ඔවුන්ද එය ඉතා පහසුවෙන් අත්හරින ලකුණක් පෙනෙන්නට නොමැත. ඇත්ත වශයෙන්ම ඔවුන්ට එසේ කිරීමට වුවමනාවක්ද නොමැත. දෙමළ ජාතික සන්ධානය පිරිහෙමින් පවතින බව කීවද ඔවුන්ගෙන් ගිළිහී නොයන පිරිස ඒ මට්ටමින්ම සිටිති.

දෙමළ සන්ධානයෙන් බිඳී ගිය පිරිසට කළ හැකි විශාල යමක් නොමැති බව සාමාන්‍ය ජනතාව දැන සිටිති. මේ නිසාම උතුරේ රජයට සහාය දක්වන පිරිසට මහජනතාව තුළ ඇති කැමැත්ත වැඩි වෙමින් පවතින බවක් මෑතක සිට

දැකගන්නට ලැබෙයි.

නමුත් විශාලම ප‍්‍රශ්නය වී ඇත්තේ එසේ ගිළිගෙන දෙමළ ජනතාව රජය පැත්තට ඈදා ගැනීමට සමත් පරිණත දේශපාලනඥයකු තවමත් උතුරේ පහළ වී නොසිටීමයි.

දෙමළ දේශපාලනඥයන් දෙමළ ඡුන්ද පමණක් එකතු කරමින් දෙමළ ජනතාව පිළිබඳව පමණක් විශ්වාසය තබයි. සිංහල දේශපාලානඥයෝ සිංහල බෞද්ධකම පෙන්වා ඡුන්ද සටන දියත් කරති. මුස්ලිම් දේශපාලනඥයෝ මුස්ලිම් ඡුන්ද එකතු කරන අතරවාරයේ සෙසු ජාතීන්ගේ ඡුන්ද ලබා ගැනීමට මුදල් වියදම් කිරීමට පටන් ගෙන ඇත.

රදගුරුතුමාත්  පාර පෙන්වයි

දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කොට එය සෑම දෙනාම වෙත භාර දෙමින් ඡුන්ද ව්‍යාපාරය උතුරු පළාත තුළ කරගෙන යයි.

දෙමළ ජාතික සන්ධානයෙන් යාපනය දිස්ත‍්‍රික්කයට තරග කරන අපේක්ෂකයන් ජස්ටින් ඥානප‍්‍රගාසම් යාපනය රදගුරුතුමන් බැහැදැක ඔවුන්ගේ පක්ෂය විසින් මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිබඳව සාකච්ඡුා කොට තිබේ.

මේ හමුවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත‍්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සුමන්තිරන්, එස්. ශ‍්‍රීධරන් ඇතුළු තවත් පිරිසක් සහභාගි වී ඇති අතර මේ සාකච්ඡුාවේදී රදගුරුතුමන් පවසා ඇත්තේ ඕනෑම අයකුට දේශපාලනයේ නිරතවීමට අයිතියක් ඇති නමුත් දේශපාලනය නිසා ජාතිය ආගම හා සංස්කෘතිය විනාශ වී යෑමට ඉඩ නොදිය යුතු බවයි.

නමුත් එකිනෙකා පරයමින් ඡුන්ද සටනක නිරත වෙමින් සිටියදී සංස්කෘතිය සදාචාරය වළපල්ලට යෑම උතුරේදී ද සිදුවෙමින් පවතී.

දකුණේ පක්ෂ උතුරේ

දකුණේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවලට උතුරේ ඡුන්ද ඉතා වැදගත් වී තිබේ. එමෙන්ම ඔවුන්ගේ පක්ෂවල ප‍්‍රතිපත්ති උතුරේ ජනතාවට ප‍්‍රකාශ කිරීමටද මේ මහ මැතිවරණය අවස්ථාවක් කරගෙන සිටියි.

බුද්ධ ශාසනය සුරැුකීම සඳහා වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් ගෙන යන වැඩ පිළිවෙළට ජනසෙත පෙරමුණ කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බව එම පක්ෂයේ සභාපති බත්තරමුල්ලේ සීලරතන හිමියෝ වවුනියාවේදී පැවසූහ.

වවුනියාව නගරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් කතා කළ බත්තරමුල්ලේ සීලරතන හිමියන් කියා සිටියේ බුද්ධ ශාසනයත් බෞද්ධාගමත් විනාශ කිරීමට අන්තවාදීන් කටයුතු කරන බැවින් ඔවුන්ට මෙවර මහ මැතිවරණයේදී ඡුන්දය ලබා දීමෙන් වළකින ලෙසයි.

රිෂාඞ් බදුයුදීන් මහතා මේ රට විනාශ කිරීමට කටයුතු කොට යළිත් වරක් පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට වන්නි පළාතෙන් තරග කරන නමුත් ඔහු උග‍්‍ර ජාතිවාදියකු නිසාත් අන්තවාදීව කටයුතු කරන නිසාත් සිංහල හා දෙමළ ජනතාව ඔහුට ඡුන්දය ලබා දීමෙන් වැළකිය යුතු බවද ජනසෙත පෙරමුණේ සභාපති හිමියෝ කියා සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා තමන් වහන්සේ වවුනියාවට පැමිණි දිනයේම එහි පැමිණ ජනතාවගෙන් ඡුන්දය ඉල්ලා සිටින නමුත් ඔහු වරක් ලන්ඩනයේ බී. බී. සී. ආයතනයට අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව ප‍්‍රකාශ කිරීම ගැන සලකන විට ශ‍්‍රී ලංකාවේ බෞද්ධ උරුමය ගැන ඔහුට කතා කිරීමට අයිතියක් නොමැති බවද සීලරතන හිමියෝ පැවසූහ.

බුද්ධ ශාසනය නගා සිටුවීමටත් ආරක්ෂා කිරීමටත් කැපවීමෙන් යුතුව යම් පක්ෂයක් කටයුතු කරන්නේ නම් ඊට සහාය දැක්වීමට ජනසෙත පෙරමුණ සූදානම් බවද, දැනට පෙනී යන්නේ ඒ කාරණය ඉටු කරනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් පමණක් බැවින් ජනසෙත පෙරමුණ ඒ කණ්ඩායමට සහාය දක්වන බවද උන්වහන්සේ පැවසූහ.

දිනසේන රතුගමගේ

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More