දේශීය පුවත්

සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු අතර ඔවුන් සඳහා වඩා සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වෙන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටියි.

ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව සංවිධානය කළ රැස්වීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරින් වැළැක්වීමට කටයුතු කිරීම සඳහා පාසල්වල කමිටු පිහිටුවීම සඳහා දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

2015 සිට 2019 දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 47, 177 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව අනාවරණය විය. ඊට අමතරව 1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඇමතුම් අංකයට වාර්ෂිකව පැමිණිලි 550,000 ක් ලැබී ඇති බව ඔහු සදහන් කළේය.

පවත්නා නීති වල පවත්නා මෘදුභාවය හා යුක්තිය ඉටු කිරීමේ අකාර්යක්ෂම බව පිළිබඳව සියලු දෙනා එකඟ වනු ඇත. එම නිසා වැරදිකරුවන් වැරදි කිරීම සඳහා වන පෙළඹවීම වැළැක්වීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව ඇති දඬුවම් සංශෝධනය කිරීම අවශ්‍ය බව ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් අවධාරණය කර සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More