කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කට උත්තරයක් ලබා දෙන ලෙස අධිකරණය විසින් ලබාදුන් නියෝගය සංශෝධනය කොට ඉරට්ට පෙරියකුලම කුඩා පොලීසියක තමා දන්නා හඳුනන නිලධාරීන් හමුවේ කට උත්තරයක් ලබා දීමට කටයුතු කළ රිෂාඩ් බදුඋදීන් අමාත්‍යවරයා එම පොලීසිය ඉදිරිපිටට තම ආධාරකරුවන් විශාල පිරිසක් කැඳවා බලපෑම් කළ බව වාර්තා වේ.
පාස්කු ප්‍රහාරය වැනි බරපතල අපරාධයකට අදාළව කට උත්තර ගැනීම මධ්‍යගතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුවිය යුතු වුවත් එසේ නොවීම පිළිබඳව නීති විශාරදයින් විමතිය පළ කරති.
ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ නීතිවේදියෙකු සඳහන් කළේ මෙම ආදර්ශය ඉතා නරක එකක් බවය. අපරාධ චෝදනා ලැබුවෙකුගේ තරාතිරම කුමක් වුවත් නිසි ක්‍රමවේදයට අනුව පරීක්ෂණ සිදු කළ යුතු බව සඳහන් කළ ඔහු තවදුරටත් අවධාරණය කළේ යම් පිරිසක් ඔහු ආරක්ෂා කිරීමට ක්‍රියා කරනවා විය හැකි බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...