දේශීය පුවත්

මහා පරිමාණ “කසළ තේ“ ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු විසින් රේගු දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති බව වාර්තා වේ.

මෙරට ක්‍රියාත්මක වූ මහ පරිමාණ “කසළ තේ“ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ රේගු දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.

එම තොරතුරුවලට අනුව 2017 වර්ෂයේ සිට 2019 දෙසැම්බර් කාලය දක්වා මෙරටින් “කසළ තේ“ කන්ටේනර් 252ක් ඉරාකයට අපනයනය කර ඇති බව වාර්තා වේ.

එක් කන්ටේනරයකින්  “කසළ තේ“ කිලෝග්‍රෑම් 18,000ක් මෙලෙස අපනයනය කර ඇති අතර “සිලෝන් ටී නාමයෙන්“ එය ඉරාකයේ වෙළෙඳපොළ ට ලබාදී ඇති බව ද රේගුව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

කොහුබත් අපනයනය කරන මුවාවෙන් අදාළ ජාවාරම්කරුවන් විසින් මෙම “කසළ තේ“ ඉරාකයට අපනයන කර ඇති අතර අදාළ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විටත් පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු කොළොන්නාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවට රේගුව විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්ය.

අදාළ පුද්ගලයා දිගින් දිගටම රේගුව මගහරිමින් සිටින අතර ඔහු සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට ද රේගුව විසින් පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් අදාළ ජාවාරම්කරු මේ වන විටත් රේගු දෙපාර්තමේන්තුවේ “කසළ තේ“ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන “අවදානම් කළමනාකරණ ඒකකයේ” නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ගොනුකර ඇති බව වාර්තා වේ.

“කසළ තේ“ ජාවාරම සම්බන්ධයෙන් රේගුව විසින් සිදුකරනු ලබන විමර්ශන අත්හිටුවා ගැනීම සහ එහි සුළමුල අනාවරණය කරගැනීම නතර කරගැනීම මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමේ අරමුණ වන බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More